එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් මේ මස 16 වෙනිදා දක්වා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර
තිබෙයි. ඒ සඳහා හේතුවී
ඇත්තේ අධිකරණය විසින් ලබාදී තිබු නියෝගයක් කඩ කිරීමකි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වතු සේවකයින් පිරිසක් විසින් තෙඹුවන පොලිස් වසමේ පෞද්ගලික ඉඩමක මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් භූමදානය කිරීමේ සිදුවීමක් මිට හේතුව වී ඇත. ඔවුන් අධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වූ අතර
 නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු 5 දෙනෙක් 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (10දා) නියෝග කළේය.