https://www.gossiplankanews.com/2019/09/namal-limini-love-story.html
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පෙම්වතිය වන  ලිමිනි වීරසිංහ ලබන 12 දා යුග දිවියට එළඹීමට නියමිතය.ඔවුන් දෙදෙන ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වන බව මේ වනවිටත් ප්‍රකටව ඇත.
සිය ආදර කතාව පිළිබඳ
පුවත්පතකට කෙටි විස්තරයක් කර තිබුණි. ඔහු හෙළි කර තිබූ විස්තරය පහත පරිදිය.

“ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙර. ඒ මැරතන් ධාවන තරගයකදී. අප දෙදෙනා දැන හැඳිනගැනීමෙන් අනතුරුව ආරම්භ කළ සම්බන්ධයට දෙමාපියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට පසුව යොමු වුණා.


ඒ අනුව මීට වසර එකහමාරකට පමණ පෙර අපගේ සබඳතාව ගැන දෙමාපියන් දැනුවත් කළා. මාගේ දෙමාපියන් මෙන්ම ලිමිනිගේ දෙමාපියන් අපගේ සබඳතාවට ආශිර්වාදය ලබා දුන්නා එය අපට මහත් සැනසිල්ලක් ශක්තියක් වුණා.

ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණත් අපගේ සබඳතාව දිගටම සමාජයේ පැවතියේ රහසක් විදිහටයි. කිසිවෙකු මේ ගැන කතා නොවන ආකාරයට ලෝකයෙන් මේ කතාව සඟවාගෙන අපි ඇසුරු කළා. කොහොමවුණත් මේ පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමුවූනේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  ලකාවට ආපු වෙලාවෙ කරපු විහිළුවකින් පස්සෙයි.
පස්සෙ පෙම්වතුන් ලෙස බොහෝ පිරිසක් අප දෙදෙනා හඳුනාගත්තේ යෝෂිතගේ විවාහ ගිවිසගැනීමේ අවස්ථාවේදී. අපගේ පවුලේ ළඟම ඥාතීන් සමග ලිමිනිද එම අවස්ථාවට එක්වුණා. ඒ අපගේ ආදර කතාව හා එය ජනතාව දැනගත් ආකාරය පිළිබඳ කෙටිකතාවයි.”