ඔක්තෝබර් මස 1-10 අතර කාලයේ සිහළ රාවය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ සංවිධාන කිහිපයක් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය හා අවට පරිශ්‍රය තුළ  සිදුකරන්නට සූදානම් වන උද්ඝෝෂණ කිහිපයක් සම්බන්ධව පොලිසිය කළ පැමිණිලි වලින් පසු ඒවාට සීමා පනවන්නට අධිකරණය අද (1) තීරණය කර තිබේ.
ලබන ඔක්තෝබර් මාසයේ මුල් සතියේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධිත ඇවන්ඩ්ගාඩ් නඩුවත් 15 සිට දිනපතා ඩීඒ රාජපක්ෂ සොහොන අයථා පරිදි ඉදිකිරීම සම්බන්ධ නඩු විබාගයටත් දින යොදා තිබෙන පසුබිමක මෙම සීමා පැනවීම නිකුත්විය.
අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ රැස්වීම් පෙලපාළි සම්බන්ධයෙන් අධිකරණ නියෝගය  2019.09.01 වන දින සිට 2017.09.10 වන දින දක්වා බලපැවැත්වේ.
අළුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පවත්වන්නට යෙදෙන උඝෝෂණ
රැස්වීම් /පෙළපාලි සඳහා මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ පහත හිමිවරුන් හා පිරිස් වෙතය ..
සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කරු පූජ්‍ය මැඩිලේ පඤ්ඤාලෝක හිමි. ද රාවණා බලයේ කැඳවුම්කාර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි. ඇතුළු හිමිවරුන් ඇතුළු පිරිසට
එවැනි උද්ඝෝෂණ / රැස්වීමක් ස්පෙළපාලියක් පවත්වාගෙන යාමේ දී සාමකාමීව හා නිත්‍යානුකූල ලෙස පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවටත් ද කැරැල්ලක්, කළහයක්, ඇතිවන කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් ද මහජනතාවට, වාහනවලට බාධාවක්, අනතුරක්, කරදරයක් ඇතිවන ආකාරයේ රැස්වීමෙන්, ගමන් කිරීමෙන් වැලකිය යුතු බවටත්
සාමය කඩවන සුළු ආකාරයේ කිසිඳු ක්‍රියාවක් නොකළ යුතු බවටත් දී නීත්‍යනුකූලව සේවායේ නියුතු තැනැත්තන් හට බාධාවක් වන අයුරින් රැස්වීමෙන් හෝ
ගමන් කිරීමෙන් වැළකිය යුතු බවටත් මෙම අධිකරණ නියෝගයෙන් නියෝග කර ඇත. එහි උද්ඝෝෂණ, පෙළපාලි සඳහා සහභාගි වන සියළු ජනතාව වෙත අළුත්කඩේ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද දින අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.