සංවර්ධන නිලධාරී සේවයට අයත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල
සේවයේ නියුතු 16000 කට ආසන්න සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු වලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පාමින් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්ණය වීමට තීරණය කර ඇතැයි මාධ්‍ය නිවේදනයකින් දන්වා ඇත.
 ඔවුන් දක්වා ඇති ගැටලු වනුයේ,
1. 2018 වර්ෂයේ සිට ගම්පෙරලිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් වූ දීමනා මෙතෙක් ලබා නොදීම,
2. 2018 වර්ෂයේසිට ග්‍රාමශක්ති වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අදාල දීමනා මෙතෙක් ලබා නොදීම,
3. 2013 සිට මේ දක්වා සංවර්ධන නිලධාරීන් සඳහා වැඩ බැලීමේ දීමනා ලබා නොදීම,
4. 2013 සිට ගමන් වියදම් දීමනා මෙතෙක් ලබා නොදීම,
5. විධිමත් ස්ථාන මාරු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීමයි