
අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේන් හිස්වු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරයට ඩි.බි හේරත් මහතාගේ නම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට හිමි නොවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි එ.ජ.නි.ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර දන්වා තිබුණි.

