ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනයක් අද
රාත්‍රියේ නිකුත් කර ඇත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව ජනපති මෛත්‍රී ඇමතිවරයා වන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වීම සිදු වෙයි.
මේ දක්වා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන යටතේ එය

පාලනය වූ අතර පසුගිය කාලයේ එජාප හිතවාදී ප්‍රවෘත්ති වැඩි වශයෙන් ප්‍රචාරය විය.
තත්කාලීන දේශපාලනයේ පාලක පක්ෂය සමග අත්වැල් බැඳගැනීමට සැදී පැහැදී සිටින ආයතනයක් වන ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය පසුගිය ඔක්තෝබර් මස දේශපාලන විප්ලවයත් සමග එජාප-ශ්‍රී ලනිප බල කඳවුරු දෙකේ කඹ ඇදිල්ලට ගොදුරක් විය.