https://www.gossiplankanews.com/2019/09/sajith-premadasa-story.html
ජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා ලෙස අද නම් කර තිබෙන සජිත් ප්‍රේමදාස ගැන විස්තරයක් සහ වීඩියෝවක් මේ සමග පළවේ.
ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස සහ හේමා ප්‍රේමදාස මහත්මියගේ  පුත් රුවනක් ලෙස 1967 ජනවාරි 12 දින ජන්ම ලාභය ලද රණසිංහගෙ සජිත් ප්‍රේමදාස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන්
මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ හා ඇමරිකාවෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. එංගලන්තයේදී අධ්‍යාපනය ලබා ඇත්තේ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි.
 බම්බලපිටියේ වජිරාරාම දහම් පාසලෙනද දහම් අධ්‍යාපනය ලබා ඇති සජිත් ප්‍රේමදාස 1993 එවකට ඉතා

දුෂ්කර අසරණ අහිංසක මිනිසුන් බහුතරයක් ජීවත්වන දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අත්පොත් තැබීය.

බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිය පියාණන්වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් කොටි සංවිධානයේ ගොදුරක් බවට පත්වූ පසු හේමා ප්‍රේමදාස ආදරණීය මව සහ එකම සහෝදරිය දුලාංජලී ප්‍රේමදාස සොහොයුරිය සමග එක්ව ජීවිතයට මුහුණ දුන්නේ දේශපාලනයද අත්නොහරිමිනි.

1994 පැවති ප්‍රථම මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමු වැනියා වෙමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්විය. එතැන් පටන් අපරාජිත දේශපාලනඥයෙක් ලෙස ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ලංකාවෙන්ම වැඩිම ප්‍රතිශතය ලබාගත් මන්ත්‍රීවරයා වීම විශේෂත්වයකි.

2002 – 2004 වකවානුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් අනතුරුව ආණ්ඩු පෙරළියෙන් පසු අමාත්‍ය තනතුර අහිමි වුවත් විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ සිටියදීත් ජනතා සේවාව දිගටම කළේය.
 ජලනී සමඟ යුග දිවියට පත්වන සජිත් ප්‍රේමදාස ඇයගේ ද සහය ලබාගෙන විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සසුනට අරුණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉතා දිළිඳු විහාරස්ථාන ගොඩනගන්නට උත්සාහ ගත්තේ දිගු කලෙක පටන්ය.
යහපාලන රජයේ නිවාස ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශයේ වගකීම බාරගන්නා සජිත් කැබිනට් ඇමැති වරයෙකු ලෙස තම කාර්යභාරය දියත් කරමින් සමෘද්ධිලාභීන්ට සහන ක්‍රමයට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙමින් නිවාස තනන්නට නිවාස ණය ලබා දීමේ වැඩසටහන ඇරඹීය.

සජිත් ප්‍රේමදාස සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන මේවනවිට 182ක් නිමා කරමින් ජනතා අයිතියට පත්කර ඇත. මේවන විට දිවයින පුරා උදාකළ ගම්මාන 1926ක් ඉදි වෙමින් පවතී. ඉදිවන උදා ගම්මාන වෙනුවෙන් ලබන්නේ දිළිඳු ගම්මාන, මධ්‍ය පන්තික ගම්මාන රාජ්‍ය සේවක ගම්මාන, රණවිරු හා පොලිස් ගම්මාන වේ.