සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ වගකීම තමා බාර ගන්නා බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි

එය තම අනුදැනුම යටතේ
සිදුවූ බව අමෙරිකාවේ මහජන සේවා මාධ්‍ය ආයතනයක් වන පී.බී.එස්. ආයතනයේ වාර්තා වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කර ඇත.

කෂෝගි ඝාතනය කර වසරක් ගතවීම නිමිත්තෙන් නිෂ්පාදනය කළ එම වැඩසටහන ලබන මස පළමු වැනිදා විකාශය වීමට නියමිතය.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේදී සිදුවූ බව පැවසෙන කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් බින් සල්මාන්  කුමරු මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකර නැත.

මෙම ඝාතනය ජාත්‍යන්තර වශයෙන් කැලඹීමක් ඇතිකළ අතර සවුදි කුමරුගේ ප්‍රතිරූපයට ද ඉන් හානි සිදුවිය.