අහංගම සංචාරක හෝටල් පාසැල විවෘත කිරිමට පැමිණෙනාවට ඇමති රිෂ්ඩ් බදුර්දින් මහතාටෙ ප්‍රාදේශවාසින් විසින් විසින් දැඩිවිරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
මෙකි හෝටල් පාසල ඇමතිවරයා විසින් ඉකුත් (31) විවෘත කිරිමට නියමිතව තිබුණද ඇමතිවරයා එම

අවස්ථාවට සහභාගි නොවිය.රිෂාඩ් බදුයුදීන් මහතාට විරෝධය පල කිරිම සඳහා අද අහංගම නගරයේ
වෙළදසැල් වැඩි ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබිණ. භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුලු විශාල පිරිසක්
අහංගම නගරයේ සිට සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු මාතර මාර්ගය ඔස්සේ
පාගමනින් කිලෝ මීටරයක් පමණ දුරින් තිබු හෝටල් පාසැල  විවෘත කිරිමේ උත්සව භූමිය කරා පාගමනින්
පැමිණියහ.
විරෝධතාකරුවන් උත්සව භූමිය අසලට පැමිණෙන විට ඔවුන් අසලට ගිය පොලිසියමෙම උත්සවයට රිෂාඩ්
බදුයුදීන් ඇමතිවරයා නොපැමිණෙන බව විරෝධතා කරුවන්ට දන්වන ලද නමුත් ඒ ගැන නොතකා
විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිටට පැමිණියහ.  පසුව විරෝධතාකරුවෝ සටන් පාඨකියමින් උත්සව භූමිය
ඉදිරිපිට මහා මාර්ගයේ විරෝධතාවයේ යෙදි සිටියහ.

මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය
ඇමති කරුණාරත්න පරණවිතාන‍, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර
සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් උත්සව භූමියට ඇතුලුවන
විට විරෝධතාකරුවෝ‍ නොකඩා හූ හඩ නැගූහ. පසුව විරෝධතාවය මැද උත්සවය ආරම්භකරන ලදී.ඒවන විට
මහා සංඝරත්නය ඇතුලු විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ සිට උත්සවයේ කථිකයින් විසින්
රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයාගේ නමසදහන් කරන විට නොකඩා හූ හඬ නැගූහ. කෙසේවෙතත් ඇමති රිෂාඩ්
 බදුයුදීන් මහතා මෙම උත්සවයට පැමිණියේ නැත.

එහෙත් ඇමතිවරයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් විරෝධතාකරුවෝ උත්සවය අවසන්වන තෙක් උත්සව භූමිය
අසල රැඳී සිටියහ.

විරෝධතාකරුවන්ට උත්සව භූමියට ඇතුලුවීමට නොහැකිවන පරිදි පැය 2ක පමණ වේලාවක් උත්සව භූමියට
ඇතුලුවන දොරටුව  ඉදිරිපිට පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.

 රසික සෙනවිරත්න