ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පළමු T20 තරඟයේ ලකුණු 175ක ජයග්‍රාහී
ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ  ශ්‍රී ලංකාවේ සිහින බොඳ කරමින් තම කණ්ඩායම
ජයග්‍රහණය කරා ගෙන ගියා.

තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත කණ්ඩායම සියලු පන්දුවාර 20 අවසන් වන
විට කඩුළු 5ක් දැවී ලකුණු 176ක් ලබාගනිමින් තම ජයග්‍රාහණය සනිටුහන් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වන ලසිත් මාලිංග හා නවක ක්‍රීඩක වනිඳු හසරංග
කඩුළු
2ක් හා  අකිල ධනංජය  විසින් එක් කඩුල්ල බැගින් ලබාගෙන සිටිනවා.

T20 ඉතිහාසය අලුත් කරමින් T20 වැඩිම කඩුළු ලාභියා ලෙස තම නම සනිටුහන් කිරීමට ලංකා නායක
 ලසිත් මාලිංග සමත්වුණා.

මේ අනුව T20 කඩුළු 100 සීමාව පළමුව පසු කල පළමු ක්‍රීඩකයා වන්නේත් ලසිත් මාලිංගයි.

තරඟය ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක් හිමිවුණා.

දර්ශනීය පිතිකරණයක නිරතවන කුසල් මෙන්ඩිස් පන්දු 52කදී ලකුණු 79ක් ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිම
ශක්තිමත් කළා.

ඔහුට අනගි සහයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල පන්දු 25කදී ලකුණු 33 ක් ලබාගත්තා.

කාසිය වාසිය දිනා මේ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළා.

දික්වැල්ල දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි ඉසුරු උදාන ඉතා දක්ෂ ලෙස ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් පිටියට
පිවිසියා.

පළමු පන්දුවාර 5 නිමාවනවිට ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවන ශ්‍රී ලංකා පිලි එක් කඩුල්ලක් දැවී
ලකුණු 38ක් ලබාගෙන සිටිනවා.

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ කුසල් ජනිත් ලකුණු 11ක් ලබා සිටියදී දැවී ගියා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග අද T20 වරම් හිමිකර ගත්තා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරඟයේ කාසිය වාසිය
ප්‍රමාද වුනා.

සහන් දහනායක