https://www.gossiplankanews.com/2019/09/ranu-mondal-daughter-elizabeth-sathi-roy.html#more
න්දියාවේ දුම්රිය නැවතුමක ගී ගයන්නියකවී දිළිදු ජීවිතයක් ගත කළ රනු මොන්ඩාල් අන්තර්ජාල වීඩියෝවකින් පසු පසුගියදා එක් රැයින් ජනප්‍රියවීමත් සමග ඇය විශාල පිළිගැනීමකට ලක්වී ඇයට නිවාස පරිත්‍යාග මුදල් තෑගිබෝග පිරී ඉතිරී ගිය ආරංචියෙන් පසු ඇය අමතක කර දමා තිබූ බව කියන එලිසබත් සාති රෝයි නමැති
ඇගේ දියණිය ඇය සොයා පැමිණ තිබේ. එළිසබෙත් සිය මව වන රනු සොයා එසේ පැමිණ ඇත්තේ වසර 10 කට පසුවය.
කෙසේ වෙතත් රනු මොන්ඩාල් පටිගත කිරීම් වලට සහභාගී වෙමින් සිටි අවස්ථාවක දියණිය මවගේ අයිතිවාසිකම් කියමින් එම ස්ටූඩියෝවට ඇතුළුවන්නට උත්සාහ කළ අවස්ථාවේ එහි ආරක්ෂකයින් විසින් ඇයව එළවා දමන්නට පියවර ගෙන ඇත.
 අවුරුදු 10කින් රනූ මොන්ඩාල් ගැන සොයා නොබැලූ ඇගේ දියණිය නැවත රනූව හමුවී සබඳකම් අලුත් කරගන්න උත්සාහ දැරීම ඔවුන් හෙළා දැක තිබූ

අතර රනූ සල්ලි අතපාත ගානතුරු මව කොහි සිටියාදැයි දියණියවට කල්පණා නොවීම විවේචනයට ලක්ව ඇත.
කෙසේ වෙතත් එළිසබෙත් සාති රෝයි නමැති දියණිය පවසා ඇත්තේ තමන්ගේ මව දුම්රිය පොළක ගී ගයමින් සිටින බවක් ඇය දැන හිටියේ නැති බවයි.

විවාහයෙන් පසු තම මව සමග ඇති ආශ්‍රය සීමා වුණත්, තමන්ට හැකි හැම අවස්ථාවකදීම තමන් මවට මුදලින් සහ ආහාර ද්‍රව්‍යවලින් උදවු උපකාර කළ බවත් තමන් සමග ජීවත් වෙන්නට එන්නටයැයි  ඇයට කීප විටක්ම ඇවටිලි කළත් ඒ හැම අවස්ථාවකදීම ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය පවසා ඇත.

රනු මොන්ඩාල් දෙවතාවක් විවාහ වී ඇති අතර සාති යනු ඇගේ පළමු විවාහයේ බාල දියණිය බවද වාර්තාවේ.
තම මවට දරුවන් හතර දෙනෙක්ම සිටියත් සමාජයෙන් දොස් අසන්නට සිදුව ඇත්තේ තමන්ට පමණක් වීම කණගාටුදායක බව ඇය මාධ්‍ය වෙත දන්වා ඇත.

එලිසබෙත් සාති රෝයි කියා සිටියේ රණගාට් සමාජ ශාලාවේ සාමාජිකයින් වන අතින්ද්‍රා සහ ටපාන් ඇයව මවගෙන් ඈත් කර ඇති බවයි. තම මව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළහොත් කකුල කඩා එළියට විසි කරන බවට එම දෙදෙනා තර්ජනය කර ඇති බව ඇය පැවසුවාය.
 ඇය විශ්වාස කරන්නේ ඔවුන් රනුව පවා වෙනස් කර මොළ සේදීමක් කර ඇති බවත් මේ වනවිට මව ඔවුනගේ කීම් අසා ආත්මාර්ථකාමී මවා පෑමක් දැක්වූ බවයි.

'මගේ අම්මා දැන් මානසිකව වෙනස් කරලා ඉස්සර එහෙම නෑ' මව මුණගැසීමට අසමත්වූ දියණිය එළිසබෙත් සාති පවසා තිබේ.
තම මහලු මව අතහැර දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල බොහෝ කතාබහට ලක්වූ එලිසබෙත්, තම මවගේ තත්වය පිළිබඳව තමාට කිසිදු අවබෝධයක් නොමැති බව පැහැදිලි කිරීම විසිලුසහගත බවටද දැන් නැවත සමාජ මාධ්‍ය කථාබහක් මතුව ඇත.