ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
නානායක්කාර මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන් ඒ මහතා පිළිබඳ සත්‍ය තේරුම් ගත් බවත් ඒ අනුව කරුණු නිසි ලෙස නොදැන ඒ මහතා සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ කිරීම වරදක් බව තේරුම් ගත් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

වාසුදේව නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේදී අද (04දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු  ලබා දෙමිනි.