https://www.gossiplankanews.com/2019/09/ranil-unp-meeting.html
සීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (12) පවසා තිබේ.
බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල
එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ඊයේ පැවති උත්සවයකදී මේ බව දන්වා ඇත.මෙම කතාවෙන් රනිල් වික්‍රමසිංහ සිය අවසන් දේශපාලන සටන හැටියට ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත්වීමට ඉඟි කර තිබෙන බව විශ්ලේෂකයින් දන්වා ඇත.

එහිදී අදහස් දැක්වූ ඔහු

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවත් පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ බවත් දන්වා ඇත. එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට මේ බව සිහිපත් කළ අවස්ථාවේ ඇතැම් අයෙකුගේ දෙනෙත් කඳුලින් පිරී තිබුණු අකාරය ද දැකගත හැකි වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී ඉහත වගකීම ඉටු කළ නොහැකිනම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද පවසා තිබේ.
මෙම කරුණු සලකා බැලීමේදී සජිත් හෝ කරු ජනපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු රනිල්ගේ දේශපාලන අනාගතයට තනතුරක් හිමි නොවීම ගැන පවතින අවිනිශ්චිතභාවය වෙනුවට ඔහුම අවසන් අවස්ථාව ලෙස සලකා ජනපති තරගයට ඉදිරිපත්වනු ඇතිය යන්න ගම්‍ය වූ බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.