https://www.gossiplankanews.com/2019/09/ranil-karu-sajith.html#more
රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරු ජයසූරිය මහතාගේ ආශිර්වාදය රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා ඊයේ කුරුණෑගලදී පවසා තිබේ.
‘සජිත් ඉල්ලන කුරුණෑගල' රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ
සජිත් ප්‍රේමදාස මහතා, වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ,
"මම මගේ කාලය ගතකරන්න බලාපොරොත්තු වෙන් මන්දිරවල නොවෙයි ඔබලත් එක්ක රට සංවර්ධනය කරමින්. මම කියන්න කැමතියි මේ රැලිය සංවිධානය කරන්න අපේ සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විශාල පිරිසක් කටයුතු කළා.


මේ රැලිය කාටවත් විරුද්ධව කරන රැලියක් නොවයි. ඒ නිසා මගේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේත්, කරූ ජයසූරිය මහතාගේත්, එක්සත් ජාතික පක්‍ෂයේ සෑම දෙනාගේත් ආශිර්වාදය ලබාගෙන එක්සත් ජාතික පක්ෂය වෙනුවන් හා රට වෙනුවෙන්
ජීවිතය පරිත්‍යාග කරපු රණසිංහ ප්‍රේමදාසගේ පුතාට රට ගොඩනගන අවස්ථාව මට එක්සත් ජාතික පක්‍ෂය ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හයිය මට ලබාදුන්නොත්, මම කියන්න කැමතියි මම බියගුල්ලෙක් නොවෙයි, මම නිවටයෙක් නොවෙයි, මම කිසිම දේකට බය නැහැ, මම ඔබලත් සමග අත්වැල් බැඳගෙන අපේ මාතෘභූමිය, අපේ දේශය අපේ මේ රට ගොඩගන්නවා.

බෞද්ධකම තුළ ආගම් භේදයක් නැහැ, ජාති භේදයක් නැහැ, වර්ණ භේදයක් නැහැ, කුල භේදයක් නැහැ, ගෝත්‍ර භේදයක් නැහැ, අද අපි ආරම්භ කරපු ආගමික පුනරුදයට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් සහයෝගය ලබාදෙනවා. ඒ දෙපලගේ ශක්තිය තුළ රටපුරා පිහිටුවා තියෙන ආගමික සිද්ධස්ථාන ගොඩනගන කොට දෙවතාවක් මේ රටේ නායකත්වය දරපු සුපිරි බෞද්ධ කොට්ඨාසයට රිදිලා තියෙනවා.


මොකද අටමස්ථානය දියුණු කරනවා, සොළොස්මස්ථානය දියුණු කරනවා, සංස්කෘතික ත්‍රිකෝණය, වයඹ චතුරස්‍රය දියුණු කරනවා, මුළු රටම වෙලාගත් ආගමික සිද්ධස්ථාන ගොඩනගත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියනවා.

ඔබලා දකින්න ඇති බොරු චෝදනා ගොතලා බොරුව මත අසත්‍ය මත විවිධ කරුණු පදනම් කරගෙන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට බොරු චෝදනාවක් ගෙනාවා. සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ මුදල් මංකොල්ල කනවා කියලා. මම ඒ අයට කියන්න කැමතියි ඔබලාටත් ඒ කාලයක් තිබුණා නම් රටේ පන්සල් පද්ධතිය දියුණු කරන්න. ඒත් එක චෛත්‍යයක් ඉදිකළේ නැහැ. එහෙම කරන්න සිතුවිල්ලක් තිබුබුනෙත් නැහැ.

චෛත්‍ය  හදන එක නොවෙයි ඒ අය වෙන දෙයක් කළා. ඒ අය පළාත් මට්ටමින් ජනපති මන්දිර ඉදිකළා, ඒවායේ පිහිනුම් තටාක හැදුවා, ඒවායේ කායවර්ධන මධ්‍යස්ථාන හැදුවා. මම එක දෙයක් මේ රටේ ජනතාවට කියන්න කැමතියි සජිත් ප්‍රේමදාසගේ දෑත් හොඳටම පිරිසිදුයි කියලා. මගේ දෑත්වල ලේ තැවරීලා නැහැ. මම දෑත්වල හොරකම තවරිලා නැහැ. මම දෑත්වල මංකොල්ලකෑම තැවරිලා නැහැ. අපි මිනීමරුවෝ, කුඩුකාරයෝ, මන්ද්‍රව්‍යකාරයන්ට රැකවරණය දීලා නැහැ, ආරක්ෂාව ලබාදීලා නැහැ, මම කියන්න කැමතියි වැඩි වැඩියෙන් මඩ ගහන්න, වැඩි වැඩියෙන් චෝදනා කරන්න, වැඩි වැඩියෙන් අපහාස කරන්න. මේ වනවිට මම උදේ 4.00ට නැගිටලා රෑ 12.00ට තමයි සංවර්ධන වැඩකටයුතු අවසන් කරන්නේ" යනුවෙනි.

 කුරුණෑගල - ගීතාංජලී ප්‍රියදර්ශනී