https://www.gossiplankanews.com/2019/09/basil-speaks.html
සුගියදා නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී සිය කන්ඩායම අමතා බැසිල් රාජපක්ෂ පැවැත්වූ කතාවකදී ගෝඨාට මහින්දට ළංවෙලා කැමරාවට මූණු දාගන්න අය එළවා දැමීමට උපදෙස් ලබාදුන්නේය. ඔහු මෙසේ කියා තිබුණි.
"විශේෂ කාරණය තමයි අනවශ්‍ය අයගේ මැදිහත්වීම. උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් මාධ්‍යයට වොයිස් කට් එකක් දෙනවා නම් එතැන බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඕනෙ අදාළ අය විතරයි. බොරුවට මුණ දාගන්න දගලන්නේ නැතුව ක්ෂේස්ත්‍රයට අදාළ අයට ඒ අවස්ථාව ලබාදෙන්න.
එක කියද්දි මට

හොඳ කතාවක් මතක් වුණා. ඩීඑස්. සේනානායක මහත්තයට වෙච්ච දෙයක්. එනමා එක වතාවක් අනුරාධපුරයේ ගියාලු. ඒ කාලේ ඉතින් මේ වගේ මාධ්‍ය නැහැනේ. තිබුණේ ලේක්හවුස් එක තමයි.

ඩේලිනිවුස් එකේ ඡායාරූප ශිල්පියෙක් නමයි මෙකේ මාධ්‍ය ආවරණ කටයුතුවලට ගිහින් තියෙන්නේ. මේ ඡායාරූප ශිල්පියාට ඕනේ වුණාලු ඩි. එස්. ගේ ෆොටෝ එකක් ගන්න. ඡායාරූප ශිල්පියා කැමරාව සුදානම් කරගෙන ෆොටෝ එක ගන්න යනකොටම ඩී. එස් ළග හිටපු පියන් කෙනෙක් කිට්ටු වෙනවලු.

කිට්ටුවෙලා ඩී. එස්. ගේ කනට කරලා අහනවාලු සර් මොනවද බොන්නේ කියලා. ඡායාරූප ශිල්පියා කැමරාව පාත් කරලා අමනාපයෙන් වගේ ඉන්නවලු. ආයෙත් වතාවක් කැමරාව අරගෙන ෆොටෝ එක ගහන්න යද්දිම පියන් ඩී. එස්ට කිට්ටු වෙලා අහනවලු සර් බොන්නේ මොනවද තැඹිලි බොනවද කියලා. ඡායාරූප ශිල්පියාට හොඳටම පැහැදිලියි මොකක්ද මේ පියන් කරන්න යන්නේ කියලං. ඊළඟ පාර ඡායාරූප ශිල්පියා කැමරාව අරගන සුදානම් වෙද්දිත් පියන් ඩී. එස්ට කිට්ටු වුණාලු. කැමරා ශිල්පියා ටක් ගාලා කැමරාව පහත දැම්මලු. ඩී. එස්ට තේරුණාදු වැඩේ මොකක්ද කියලා. පියන්ට ළඟට කතං කරලා කිව්වලු පැත්තකට වෙලා ඉන්න කියලා. අන්න ඒ වගේ වැඩ වෙන්න ඉඩ තියන්න එපා බැසිල් පැහැදිලි කර තිබුණි.