කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස ප්‍රවර්ධනය කෙරෙන පලාලි ගුවන්තොටුපොළේ පළමු අදියරේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ඉදිකිරීම්වලින් 70%ක වැඩ අවසන් වී ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් සිදුකරන ඉදිකිවලින් 55%ක ප්‍රමාණයක්ද මේ වනවිට අවසන්ව ඇති අතර, සමස්තයක් ලෙස පළමු අදියරේ සියලු මූලික සැකැස්මේ ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇති බවට අනාවරණය වූ බවද එම අමාත්‍යාංශය පවසා සිටියි.
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පලාලි ගුවන්තොටුපොළේ ඊයේ (15දා) කළ හදිසි නිරීක්ෂණ චාරිකාවකදී මේ බව අනාවරණය වී තිබේ.

ලබන මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පලාලි ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර ගුවන් ගමන් උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා එම ගුවන්තොටුපොළහි. පළමු අදියරෙහි ඉදිකිරීම් ලබන මස 10 වැනිදා වනවිට අවසන් කිරීමට අමාත්‍යවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව පලාලි ගුවන්තොටුපොළෙහි ඉදිකිරීම් නියමානුකූලව සිදු වන්නේ දැයි සොයාබැලීමට හදිසි නිරීක්ෂිණ චාරිකාවක නිරත වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඒ සදහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හෝ කිසිදු නිලධාරීයෙකු නොමැතිව පුද්ගලිකවම එම නිරීක්ෂණ චාරිකාව නිරත වී ඇත.

එහිදී වැඩිදුරත් අනාවරණය වී ඇත්තේ, මූලික සැකැස්මෙහි ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරුව සෙසු කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

ඒ අනුව ගුවන්තොටුපොළේ ගුවන් යාත්‍රාගණය, ප්‍රධාන මෙහයුම් කුලුන, ගිනි නිවීම් අංගණය, පර්යන්ත ගොඩනැගිල්ල, විදුලිජනක පද්ධති ගොඩනැගිල්ලේ වැඩ නිම වෙමින් පවතින බවද නිරීක්‍ෂණය වී ඇත.

ඉරිදා දිනයේදීත් ඉදිකිරීම් කටයුතුවල නිරත සියලු සේවක මහතුන්ට සිය ස්තුතිය පිරිනැමූ අමාත්‍යවරයා ඉලක්කගත දිනයට වැඩ අවසන් කිරීම් සඳහා කටයුතු කරන මෙන් තවදුරටත් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පලාලි ගුවන්තොටුපොළෙහි ඉදිකිරීම් නියමානුකූලව සිදු වන්නේ දැයි සොයාබැලීමට හදිසි නිරීක්ෂිණ වාජීකාවක නිරත වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ඒ සදහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හෝ සිවීල් ගුවන් සේවා අධිකාරිය හෝ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හෝ කිසිදු නිලධාරීයෙකු ඕනොමැතිව පුද්ගලිකවම එම නිෂ්ණ චාරිකාව නිරත වී ඇත. එහිදී වැඩිදුරත් අනාවරණය වී ඇත්, මූලික සැකැමහි ඉදිකිරීම් අවසන් වීමෙන් අනතුරුව සෙසු කටයුතු හිමි වනවිට සිදුකරමින් පවතින බවයි ඒ අනුව ගුවන්තොටුපොළේ ගුවන් යාත්‍රාගණය, ප්‍රධාන ශිමෙහයුම් කුලුන, ගිනි නිවීම් අංගණය, පර්යත්ත ගොඩනැගිල්ල, විදුලිජනක පද්ධති ගොඩනැගිල්ලේ වැඩ නිම වෙමින් පවතින බවද නිරීක්‍ෂණය වී ඇත.
ඉරිදා දිනයේදීත් ඉදිකිරීම් කටයුතුවල නිරත සියලු සේවක මහතුන්ට සිය
ස්තුතිය පිරිනැමූ අමාතවරයා ඉලක්කගත දිනයට වැඩ අවසන් කිරීම් සඳහා කටයුතු කරන මෙන් තවදුරටත් උපදෙස් ලබාදී තිබේ.