අද වනකොට රටේ තිබුණ වටිනා පුරාවස්තු ටික කඩල දාලා. ආගමික ස්ථාන අර්බුදයකට පත් වෙලා. අඩුම තරමින් සාමණේර හිමිනමකටවත් වාසය කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නෙ. රටේ ආරක්ෂාව නැතිවෙලා." යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වීරකැටිය කොන්දගල රජමහ විහාරස්ථානයේ එතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.
" විසිඑක් වනදා සිදු කළ බෝම්බ ප්‍රහාරයෙන් පසුව තවත් රට අරාජික වුණා. මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් බලන්න පටන් ගත්තා. පාසලට, පසලට, පල්ලියට, කෝවිලට මිනිසුන් යන්න භිය වුණා. ඒ විතරක්දම සෑම ආයතනයක්ම කඩාවැටුණා. කොටින්ම කියනවානම් රටේ ආරක්ෂාව ගැන සැකයක් ඇති වුණා. ඒ වගේම අද වනවිට රණවිරුවන් පව්. තියන තත්ත්වය ඉතාම
කනගාටුදායකයි.

වෙහෙර විහාරවල නඩත්තුවට උපකාර වූ පින්කැටයටත් තහංචි පැනවුණා. අද පුජනීය ස්ථාන අර්බුදයකට පත් වෙලා. සාමණේර හිමිවරුන්ටවත් වාසය කරන බැරි තත්ත්වයක් උදා වලා. පන්සල ඇතුළු සියලු පූජනීය ස්ථාන රැකෙන්න ඕන. මේ ශාසනය තවදුරටත් රැකෙන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලීම්, බර්ගර් මැලේ ඇතුළු සැමට සාමයෙන් පිරි රටක් ගොඩනගන්න ඕන ඒකයි අපේ මතය.

මේ රට ආර්ථික, දේශපාලනික, ආගමික, සමාජීය හා ආරක්ෂාව කියන හැම පැත්තකින්ම සුරක්ෂිත වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. අප බලයේ සිටි කාලයේ වෙහෙර විහාර හැදුවා. රටේ ආරක්ෂාව ඉහළ නැංවූවා, මිනිසුන්ට සාමයෙන් සමගියෙන් ජීවත්වෙන්න වටපිටාව හැදුවා. ඉදිරියටත් අපි වැඩපිළිවෙළ සිදුකරනවා. වෙහෙර විහාර ඉදිකිරීම රාජ්‍ය පාලකයන් විදියට අපේ යුතුකමක් යැයිද පවසා සිටියේය.

මහා සංඝරත්නය, ජනාධිපති ධුර අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ ,ජී.එල්.පීරිස් යන මහත්වරුන් පළාත් සභා, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

වලස්මුල්ල තිලක් මනම්පේරි/ අනීෂා මානගේ