https://www.gossiplankanews.com/2019/09/maithripala-rupavahini.html
යේ (10) රාත්‍රී ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් අංක 21/2140/02 දරන ගැසට් නිවේදනය මගින් ජාතික රූපවාහිනී සංස්ථාව ජනපතිට අයත් ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන තිබේ. එජාප ඇමති රුවන් විජේවර්ධන සතු බලය ඒ අනුව එම සංස්ථාවෙන් ගිළිහී ඇත. මේ ආකාරයට පසුගිය ඔක්තෝබර් මාසයේ
දේශපාලන විප්ලවය අතරවාරයේද ජනපතිවරයා රූපවාහිනී බලය අතට ගත් අතර මෙම ක්‍රියාවෙන් අපේක්ෂා කළේ තමන්ට පක්ෂපාත ප්‍රවෘත්ති රජයේ මාධ්‍ය හරහා පළ කිරීමටය.
කෙසේ වෙතත් ඊයේ ජාතික රූපවාහිනිය අභ්‍යන්තරයේ සිදුවූ පළහිලව්වක ප්‍රතිඵලයක් ලෙස මෙම පවරාගැනීම සිදු කර ඇති බවටද ඇඟවීමක් ඇතැම්

මාධ්‍ය ඔස්සේ පළව තිබේ.
ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස විවිධ බාධක මැද ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ජනමාධ්‍ය ඇමැතිවරයා අවස්ථා දෙකකදී ඇය ඉවත් කරන්නට දැරූ උත්සාහයන් අසාර්ථකවීම මත මෙම පළහිලව්ව මතු විය.

නව රූපවාහිනී සභාපති ලෙස කැලුම් පාලිත මහීරත්න පත් කිරීම මීට ආසන්නතම හේතුව ලෙස වාර්තා කර ඇත.
සංස්ථාවේ සභාපතිනියට ඉවත්වෙන්න දන්වා සිටියත් ඇය ඉවත් නොවූ තැන මීට මාස කිහිපයකට පෙර ඇය තනතුරේ සිටියදී ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් සංජීව විජේගුණවර්ධන සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කළත්, ඔහුට රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූයේ දිගටම ඉනෝකා තනතුරේ සිටි නිසාය.

තනතුරු මාරුව ව්‍යවර්ථවී යාමෙන් පසු ජනමාධ්‍ය ඇමැතිවරයා නව සභාපතිවරයා ලෙස කැලුම් පාලිත මහීරත්න පසුගිය පස්වැනිදා පත් කර තිබුණි. නව සභාපතිවරයා රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (9 වැනිදා) රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණියද ඊට ඇතුළු වීමට නොහැකි විය. ඉන්පසු නව සභාපතිවරයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාමරයකට වී සිටියත් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලැබී නැති අතර පසුව නව සභාපතිවරයා ගෙදර ගියේය.
රාත්‍රී වාර්තාවූයේ

ජනපතිවරයා රූපවාහිනිය පවරා ගත් බවයි. ඒ අනුව අද හෙටම තවත් සභාපතිවරයෙකු ඒ සඳහා අනුයුක්ත කරනු ඇත.
මෙම සිදුවීම හුදෙක්ම අභ්‍යන්තර ප්‍රශ්නයට විසඳුමක් නොව දේශපාලන උපායක් බවටද අදහස් පළව ඇත.

අද (10) සිට ඕනෑම වේලාවක ජනපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය පැවරී ඇති පසුබිමක දේශපාලන ප්‍රචාරණය පිණිස රජයේ මාධ්‍ය තමන් සතු කරගැනීමේ වාසිය ජනපති මෛත්‍රිපාල සිරිසේන ක්‍රියාවට නැංවීමක් ලෙස මෙය හඳුන්වා ඇත. යම් හෙයකින් මැතිවරණයක් කැඳවන්නේ නම් රජයේ ආයතන මේ ආකාරයට වෙනස්කම් වලට ලක්කිරීමට තනතුරු පත්කිරීමට ජනපතිට අවස්ථාව අහිමිව යන නිස් කල්ඇතිව සිදු කළ උපාය මාර්ගයක් ලෙස එය හඳුනාගන්නට ලැබේ.