මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) අත්සන් තැබීය.

 අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000 කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමුකළ යුතුව තිබේ.

 හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යෑයි දන්වා
ඇති එම සියලු ලිපිලේඛන ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ පරීක්‍ෂාවට ලක්‌වූ අතර අනතුරුව ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම ලිපි ලේඛන සහතික කළේය.

 විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පුරු රජයේ බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පැවසීය.