බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතු දෙකක තේ දලූ නෙළමින් සිටි වතු කම්කරුවන්ට එල්ලවූ බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 55දෙනකු බගවන්තලාව ප‍්‍රදේශීය රෝහලට ඊයේ (06 දා* ඇතුළත් කළ බව බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍යය නිලධාරී එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.
 බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන්, ලින්ෆොඞ් වතුයායේ තේ දලූ නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් 35 දෙනකු සහ කර්කස්වොල් වතුයායට අයත් හෙල්බොඩ උඩ කොටසේ තේ දලූ නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් 20 දෙනකු මෙසේ බඹර ප‍්‍රහාරයට ලක්ව ඇත.

 ඊයේ (06 දා) උදෑසන 10ට සහ 11ට මෙම බඹර ප‍්‍රහාර දෙක එල්ල වී ඇත.

 ලොයිනොන් ලින්ෆොඞ් වත්තේ ගසක් මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තේ දලූ නෙළමින් සිටි වතු කම්කරුවන් පහර දෙන අවස්ථාවේ බඹර ප‍්‍රහාරයෙන් මිදීමට තේ පඳුරු මත වතු කම්කරු කාන්තාවන් දිව යන විට තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් ද ඇවිස්සී තිබේ. එහිදී බඹරුන් තමන්ට පහර දුන් බව එම වතුයායේ බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවෝ කියා සිටියහ.

 මේ අතර කර්කස්වොල් හෙල්බොඩ කොටසේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගීම නිසා බඹරුන් ඇවිස්සී තමන්ට පහරදුන් බව එම බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවෝ කියා සිටියහ.

 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේ පඳුරු මත සහ තේ වතුයායේ උස ගස්වල කූඩු බැඳ ඇති බවත්, මේ දිනවල බැඳ ඇති කූඩුවල බඹර පැණි ඇති නිසා සුළු ශබ්දයකදී පවා බඹරුන් ඇවිස්සී තේ වතුයායේ වැඩ කරමින් සිටින තමන්ට පහර දෙන බවත් වතු කම්කරුවෝ කියා සිටිති.

 තේ වතු යායේ වැඩ කරන වතු කම්කරුවන්ට නිතර නිතර බඹර ප‍්‍රහාර එල්ල වන නිසා තේ වතු යායවල් බැඳ තිබෙන බඹර කූඩු විනාශ නොකර බි`ගු සම්පත සුරැුකීමේ සංවිධානයේ සහයෝගය ලබාගෙන බඹර කූඩු ඉවත් කිරීමට වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස බගවන්තලාව ප‍්‍රදේශයේ සියලූම වතු පාලන අධිකාරීවරුන් වෙත දැනුම්දී ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

 බඹර ප‍්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

නුවරඑලිය නාලක රත්නායක