ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ(16) පස්වරුවේ විවෘත කෙරිණි.
මෙම කුළුණ විවෘත කිරීම රටට ආඩම්බරයක් විය හැකි අවස්ථාවක් වුවත් ඒ පසුපස තිබෙන නාස්තිකාර කතාව ජනපතිවරයා විසින් හෙළි කළේ
චෝදනා මුඛයෙනි.
ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව දන්වා සිටි අතර මුලින් හවුල්වූ සමාගම් දැන් හොයාගන්නට නැති බවත් අනවශ්‍ය ලෙස විශාල මුදලක් නාස්තිවූ බවත් ඔහු කියා සිටියේය.
ජනපතිවරයා මෙසේ කීවේය.
නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබුණා.
එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වනදින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගත්තා.
පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බවයි.
මාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දුන්නා.
ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි වුණා.
එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වුණා.
මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් වෙන්නෙ නෑ.
ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලැබුවා සේම එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවා තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා වුණා.
එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයකම ණය
2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමට සිදුව තිබෙනවා.
එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබෙනවා.
මෙවන් පසුබිමක නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරිකර ගැනීමට දායකත්වයක් ලබාදී තිබෙනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXfMnaWCw6-YIwoLy0jZ2C3AFPiWSJyfxB7dagv-dGPkQ13K8RKjr3nx8p-fsmQlfHz39FshVNCXaMNXBIVrrvDVSVMOMjfYnW9VI9ORh0Q5UtBCdqv_Il7Wpc8hqUl90eXkS2a9oOqhU/s1600-rw/70494966_10157274286971327_1175518268148940800_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUB9Yk8uVquo0KLfVyuBkwfxaJOfL8XApvPCveN4TevvM02GlgDVocf3ghAu3bZ7kK9Y9XkPWtiD9RlapSLQa3Ph-4aUAiJpzzghwKGnCoXhIIRWXWXMt5RFXxi3_GGiSZrMkebeOE-Lc/s1600-rw/70514182_10157274285661327_1966044708790599680_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOfLn3oKmitch-MrDkicvGSk2L73nB3GGyGK2VbQzt0GbATMoGbW69HCHlFAhysFO1fr2ZOE5RB82uBSnrb-k4R8GUPlQNtmgz4SsJ5A1iRsvIdPw3mEUOvyeqeKfa48zBZiZjvmmF3HI/s1600-rw/70593675_10157274285486327_460742234426310656_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiETn6MBYcjD6di-G8AACplX8fX0mLLrKjuxIESUHM8MI5V5grjXKUseRsEmogTbGKPZVSYpANalqoEeuA9BKRDqPqJaPGYiUe2DG-nEHMObjLv39T0ovlCU54aY3KQmlYYxUWMVw5sgxI/s1600-rw/70600723_10157274287491327_317356069804310528_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqvh9NvLzaU-HoDBvsaWTSp7E-B5n-BW935c5K04O1Gn1_F_HvrgPXN1VzkUC40v9_Ah0KMAigD4gWSl6CAe4XqEM4PE8o3hc_D9p88GGrv5XoBaIKIq6bAlI8jraJL2rT5zynv8ia9Ns/s1600-rw/70634516_10157274287266327_1846291644664512512_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixrsXOVcQCgWws_zNiz574GN9cDmdwYM3k6DgEbIy5l9jBncLUVuNtlauJ_YSGquqwPMdpMLzfC2fsana__SYcvQ3a1w3abjKM9t2ftRPLAweff_zk3nkliAuOP4frOsO4ReaAdU3MFJY/s1600-rw/70723603_10157274286666327_8306424157273325568_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN-wZta_QFUiKKm8wLUTon55jVd3ZqrS9poWUAvkN_yV-gby6TNojgcp7J03CW0wsgleEBjWZglP7TYFmmtmhYcXtOfSI0MHuUiMRM32zK7lJf_1CK30Ew48sKO6mPyFGu_a5Y4XwPJA8/s1600-rw/70963346_10157274287071327_8495029593013485568_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6XIpEFxtM4CnXCZK7EwBJuxeyp_IKb9-rblAWlBwGpB1Q0hSlJZQKq6xs44raF57nX800vS4A0aXN2Tx1xm_1CoLxSPRfOAeh41YSWFIU4TKgmDeoz83RsCujV2PduEhZ2SvgV3kbQkI/s1600-rw/70984352_10157274285711327_1426640277187067904_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdz_iI9zBBFBcS34EnKaQZWk5Xrx3nR9X2P_N-2pDVAIJNMV2HNKm5zDQWdXcZ7Isa16v3VjT0Tl4lN-NUP_iayvavCak7MvB45kQ6OHOmzhSeLyGJFsuFZQmvjLc4oXEkfmoFiTEYVG8/s1600-rw/71113574_10157274286861327_4624527566915502080_o.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzdr1S90ThIlXX4Ndr964LvYHPnwp5tcxQvvgf9o3qsmT44j46wBtq78q8nkITg-QiinUxz3P0HUFU9x04inREJjAWEZCJ1OYgtig-mQOzYpsc-8Jolkn1HCA0HEv0yicFc0zHYdinQpQ/s1600-rw/70248302_10157274286366327_6635691882108157952_n-tile.jpg)