නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට සහභාගීවන ලෙසට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කර නොමැති වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අවස්ථාවට සුභ පතන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (16) පැවැසීය.
බැසිල් රාජපක්‍ෂ මහතා
ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී 2012 වසරේදී මෙම කුළුණ ඉදිකිරීමට මුල්ගල් තැබූ බව ද මන්ත‍්‍රීවරයා කීය.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය ලෝකයට ගෙනයෑමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මහින්ද රාජපක්‍ෂ රජය විසින් නෙළුම් කුලුන ඉදිරිකිරිම ආරම්භ කළ බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා මෙම කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට විපක්‍ෂානයකවරයාට හා බැසිල් රාජපක්‍ෂ මහත්වරුන්ට ආරාධනා නොකළද හදවතින්ම සුබ පතන බවද සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

(නාලක සංජීව දහනායක)