https://www.gossiplankanews.com/2019/09/kotagala-death-body-incident.html#more
කොටගල - වැලින්ටන් ප්‍රදේශයේ සුසානභූමියක මිහිදන්කල මෘත දේහ කිහිපයක් ගොඩ ගෙන හිස කොටස රැගෙන ගොස් ඇති බවට වු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
හැටන් පොලිස් වසමට අයත්, හැටන්, කොටගල, වැලින්ටන් තේ වත්තේ පොදු සුසානභූමියේ මෘත දේහ මෙසේ අතුරුදන්ව ඇත.
දේහයන් තැන්පත් කළ වළවල් හතරක් හාරා මෘත දේහයන් ගොඩගෙන එම මෘතදේහයන්ගේ  හිස කොටස රැගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.


එම සුසාන භූමියේ මිහිදන් කර තිබූ කාන්තාවන් තිදෙනකුගේ සහ පිරිමි අයකුගේ මිනී වළවල් මෙසේ හාරා වසා දමා ඇති බව වතු කම්කරුවන් කියු බව පොලිසිය කියයි.
තේ වත්තේ තණ කැපීමට ගිය වතු කම්කරුවකු සුසාන භූමියේ මිනී වළවල් හාරා ඇති බව දැක ඒ පිළිබඳව වතු යායේ වතු කම්කරුවන් දැනුවත් කර පසුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත. වසර 5 සිට විසර 8 දක්වාත් මාස 8කට ප්‍රථම මිහිදන් කළ කාන්තාවකගේත්  මිනී වළල් හාරා පසුව වසා දමා ඇති බව වතු කම්කරුවෝ කියති.
මිනී වළවල් හාරා එහි මිහිදන් කර තිබූ මිනී රැගෙන ගියේ කවර හේතුවක් නිසාද යන්න තවම පැහැදිලි නැති අතර ඒ ගැන පරීක්ෂණ සිදුවේ.

(ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)