https://www.gossiplankanews.com/2019/09/kidney-sad-story.html
පෞද්ගලික රෝහලක රුපියල් මිලියන දෙකකට අධික මුදුලක් වියදම් කරමින් සිදුකළ වකුගඩු බද්ධ කිරීමකින් අනතුරුව තරුණයකු හදිසියේම මියයාම සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් මෘත
ශරීරාගාරයේදී විශේෂ පශ්චාත් මරණ පරීක්ෂ ණයක් සිදුකෙරුණු අතර වකුගඩු බද්ධය සිදුකළ බව කියන විශේෂඥ වෛද්‍ය කැදවා එම් මරණය සම්බන්ධයෙනේ විශේෂ පරීක්ෂණ සිදුකිරීමට අනුරාධපුර ශික්ෂූණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යමාණ්ඩලය ඊයේ (19 දා) කටයුතු කරනු ලැබිය.

අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි 26  හැවිරිදි තරුණයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත. ඔහුන්ගේ මරණය පිළිබඳව දැඩි සැකයක් මතුම් නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු විසින් විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේය.


මීට මාස තුනකට ඉහතදී මියගිය තරුණයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනම් වකුගඩු බද්ධයක් සිදුකළ යුතු බවට නිගමනය වී තිබූ අතර තරුණයාගේ මව විසින් සිය පුත්‍රයාගේ ජීවිතය බේරා ගැනීමට ඇයගේ නිරෝගී වකුගඩුවක් සිය පුත්‍රයා වෙනුවෙන් පරිත්‍යාග කර තිබිණි. එම බද්ධය කඩිනමින් සිදුකිරීමට රුපියල් ලක්ෂ 6ක මුදලක් අවශ්‍යව තිබූ අතර විවිධ සමිති සමාගම්, හිතවතුන්, ඥාතීන් විසින් ලබාදී තිබූ ආධාර මත අදාළ මුදල සරිකර ගැනීමත් අනතුරුව සැත්කම් මධ්‍යම පළාත්පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සිදුකර තිබිණි.

වකුගඩු බද්ධය සිදුකිරීමෙන් මාස තුනකට පසු තරුණයා පසුගිය සතියේ අනුරාධපුර පිහිටි නිවෙසට පැමිණ තිබෙන අතර එහි පැමිණීමෙන් පසුව හදිසියේම ඔහු අසාධ්‍ය තත්වයට පත්වීම නිසා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (18දා) මියගොස් තිබිණී.

තරුණයාගේ මරණයට හේත්තුව අනාවරණය කර ගැනීම සඳහා ඥාතීන් හදිසි පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා තිබූ අතර එහිදී ඔහුගේ මරණය මොළයට විෂ බීජයක් පැතිරයාම බව අනාවරණය කර තිබිණි.

තරුණයාගේ මරණා සම්බන්ධයෙන් අදහස් දැමූ ඥාති පිරිසක් මෙසේ පැවසූහ.
මොළයට විෂ

බීජයෙක් ගියා කියලා වෛද්‍යවරයා කිව්ව්ම අපිට සැකයක් ඇතිවුනා මරණය පිළිබදව. අපි වෛද්‍යවරයාට කිවුවා එහම වෙන්න විදියක් නෑ, වකුගඩු බද්ධයක් කරලා කියන්නේ කියලා.

පසුව වෛද්‍යවරයා සිරුර කපලා කිවුවා එහෙම වකුගඩු බද්ධයක් සිදුකරපු බවක් පේන්න නම්, උපතින්ම ලැබුණු වකුගඩු නරක්වලා තියෙන්නේ කියලා. ඒ අනුව පෙරේදා  (18දා) මරණයට විවෘත තීන්දුවක් දුන්නා. පසුව නැවතත් (19දා) රෝහල් මෘත ශරීරාගාරයේදී නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළා. ඒ පරික්ෂණයට පෞද්ගලික රෝහළේදී වකුගඩු බද්ධය සිදුකළ බව කියන විශේෂඥ වවෛද්‍යවරයා පැමිණියා.

ඔහු පෙන්නුවලු වකුගඩු බද්ධවෙලා තියෙන්නේ කියලා. අපිට ඉතින් එතැනින් එහාට වෛද්‍ය විද්‍යාවටත් වෙන කාටවත් අභියෝග කරන්න බෑ. අධිකරණ වෛද්‍යවරයා කිව්වා වකුගඩුව බද්ධ කරලා තියෙන්නේ කියලා. වකුගඩු බද්ධ කරපු වෛද්‍යවරයා කිව්වේ හරි දැන් හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ රෝගියා සුවවයි කියලා. නමුත් දරුවට ජීවිතය නැතිවුණා. අම්මට වකුගඩුවක් නැතිවුනා. අමාරුවෙන් හොයාගත්ත රුපියල් ලක්ෂ 26ක් වතුරේ ගියා යනුවෙන් ඔහු පැවැසුහ.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය