https://www.gossiplankanews.com/2019/09/kanjipani-imran-boossa.html#more
ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා බැලීමට ඊයේ (12 වැනිදා) එහි පැමිණි ඔහුගේ පියා සහෝදරයා සහ ඥාතීහු සිව් දෙනෙක් ජංගම දුරකතන දෙකක් හා බැටරි
ආරෝපණ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව,ගාල්ල බූස්ස බන්ධනාගාර අධිකාරි ලෙනාත් පුලින කරුණාරත්න පවසයි. අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යන ගාල්ල බූස්ස බන්ධනාගාරයට ඊයේ (12දා) දහවල් කංජිපානි ඉම්රාන්ගේ පියා සහෝදරයා හා පවුලේ තවත් හතර දෙනෙක් පැමිණ සිටියහ.


ඔවුන් මෙම ජාවාරම්කරුට ලබා දෙන්නට ගෙන එන ලද ආහාර සහිත බාස්කට් දෙකක් ඉතා සූක්ෂ්ම ආකාරයට සකස් කරන ලද කුටීරයක මෙම ජංගම දුරකතන දෙක හා බැටරි දෙක සඟවා තිබිය දී සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පියා, සහෝදරයා හා පවුලේ ඥාතීහු හතර දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා රත්ගම පොලිසියට භාර දුන් බව ගාල්ල බන්ධනාගර අධිකාරිය පවසයි.

පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවී සිටින සහ ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවනු ලැබුවේ එහි ඇති ආරක්ෂක තත්ත්වය නිසාය.

(නිමල් අල්ගෙවත්ත, එච්.එම්.සමන් මහේෂ් ද සිල්වා)