2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන්
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී රාජ්‍ය සම්මාන දිනූ කෘති මෙසේය.

හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය මනුස්ස යන්තර - පියසීලි විජේමාන්න
 හොඳම ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය - ක්ෂණ නියාම - නන්දන වීරසිංහ,
හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය පසු නොබසිමි - රන්ජිත් ධර්මකීර්ති,
හොඳම ගීත රචනා සංග්‍රහය - තිසා වැව ළඟ රළපනාවේ - නයනසේන වන්නිනායක,
හොඳම ළමා සාහිත්‍ය කෘතිය (i කොටස) හරි පුදුමයි හරි පුදුමයි - තනූජා එන්. අයගම,
හොඳම ළමා සාහිත්‍ය කෘතිය (ii කොටස) මුට්ටිගෙදර - කාන්ති සමරදිවාකර,
හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය එක්ස් - සුසිත රුවන්,
හොඳම සිනමා හා රූපවාහිනි නිර්මාණ සාහිත්‍ය කෘතිය - පවුරු වළලු ටෝනි රණසිංහ,
 ​හොඳම ශාස්ත්‍රීය හා පර් යේෂණ කෘතිය මහා සමය සූත්‍රය හා සමයාන්තර දේව සංකල්පය - ලේල්වල අරියධම්ම හිමි,
හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර) පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳ වැටීම - සේන තෝරදෙණිය,
හොඳම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර) දේශපාලන හා සමාජ චින්තනය - ගාමිණී සමරනායක,
හොඳම පරිවර්තිත නවකතාව - රත්වරලැති ලිය - නිලූක කදුරුගමුව,
හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය,
පසාරියා පිස්සු වැටුණේය - උපුල් රංජිත් හේවා විතානගමගේ,
හොඳම පරිවර්තිත පද්‍ය කෘතිය - යාන්සි කාව්‍ය නදී - පරාක්‍රම කොඩිතුවක්කු,
හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතිය - අමාවක නිමා වී - චිත්‍රා අමරවීර,
 හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය - මධ්‍යකාලීන ජපන් ​නෝ නාට්‍ය - ආරිය රාජකරුණා,
 හොඳම විවිධ විෂයක ග්‍රන්ථය - ඩී.එස්. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය - කේ. එන්. ඕ. ධර්මදාස,
හොඳම පිටකවරය - අවසාන කුංචනාදය - ඉන්දික සමන් ලොකුකළුගේ,

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා සමීක්ෂණය කරන ලද ග්‍රන්ථ අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන වෙනුවෙන් නිර්දේශිත වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කළ ආයතනයට පිරිනැමෙන සම්මානය හිමි වූයේ එස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගමටය.

සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්තම රාජ්‍ය සම්මානය වන සාහිත්‍යරත්න අභිධානය සිංහල භාෂාව සඳහා වෝල්ටර් මාරසිංහ, ඉංග්‍රීසි භාෂාව සඳහා කමලා විජේරත්න, දෙමළ භාෂාව සඳහා අයියතුරේ ශාන්තන් යන ​​​ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනාට ප්‍රදානය කෙරුණි.

චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති ඇතුළු ප්‍රවීණ නර්තන ශිල්පීන්ගේ නර්තනාංගවලින් ශෝභාවත් වූ මෙම රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වූයේ හැට දෙවැනි වරටය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණි.