https://www.gossiplankanews.com/2019/09/horowpathana-samanera-incident.html
කුඩා සාමනේර හිමි දෙනමකට පහර දෙන ගිහියෙකු සිටින වීඩියෝවක් සමාජ ජාල තුළ සංසරණයවීමෙන් පසු අදාළ පුද්ගලයා අත්අඩංගුවට පත්වූ බව පොලිසිය දන්වා තිබේ.
මෙම අඩු වයසේ සාමණෙර දෙනම ටොෆී දෙකක් මුදල් නොගෙවා
වෙළෙඳසලකින් රැගෙන ගියැයි වරදක් පෙන්වා පිරිවෙනට පැමිණ මෙම පුදගලයා පහරදෙන හැටි වීඩියොවේ දැක්වේ. මෙම සිද්ධිය හොරොව්පතානෙන් වාර්තා වූවකි. පහරදෙන වීඩියෝව සමාජ ජාලා තුළ සංසරණයවීමෙන් පසු එය රූපවාහිනී නාලිකා මගින්ද විකාශය කර තිබූ අතර පුද්ගලයා හඳුනාගත් අය පොලිසියට ඔත්තු ලබාදී සැකකරු අල්ලාගන්නට හැකිවිය.
මෙම සැකකරු අදාළ වෙළෙඳ සැල පවත්වාගෙන යන ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා බව පොලිසිය වාර්තා කර තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිදුවීමේ වීඩියෝව සංසරණය වෙද්දී ඒ ගැන සටහනක් තබා තිබූ රත්තනදෙණියේ මේධානන්ද හිමි මෙසේ දන්වා තිබුණි.

එම කුඩා හිමිවරු දෙනම කුමන වරදක් කළත් ගිහියෙක් හැටියට ඔහුට එවන් සාහසික පහරදීමක් කරන්න අයිතියක් නැහැ.  දරුවකු පැවිදි කළ පසු අම්මා තාත්තට වුවත් පැවිදි වූ දරුවා යහපතෙහි යෙදවීමේ

අරමුණෙන් හෝ  පහර දෙන්න අයිතියක් නැහැ.

සර්පයා, ගින්න,   රාජ කුමාරයා, සාමනේර භික්ෂුව සුළුකොට තකන්න එපා යැයි බුදුන් වහන්සේ පවා පෙන්වා දී තිබෙනවා.  රේරුකානේ චන්දවිමල හිමියන් ‘රිවි රැස’ පුවත්පතට සැපයූ ලිපියකින් පෙන්වා දී ඇත්තේ භික්ෂූන් වහන්සේට පහර දීමෙන් අවමන් කිරීමෙන් අලාභහානි කිරීමෙන්  පරලාවෙහිදී පමණක් නොව මෙලොවදී ද නොයෙක් අනිෂ්ට විපාක විදින්නට සිදුවෙන මහා පාපයක් බවයි. එය  ඌරන් කුකුළන් එලුවන් ගවයන් මැරීමෙන් සිදුවන පාපයටත් වඩා අතිශයින් බලවත් පාපයක් බවයි.

එය  මාපියන්ට පහරදීමෙන් සිදුවන පාපය වැනිම  බරපතල පාපයක් බවයි. භික්ෂුන් වහන්සේ කෙනෙකුට පහරදීමේ පාපය දෙවැනි වන්නේ  ආනන්තර්ය අකුශල කර්මයන්ට පමණයි. 
" ඒක භික්ඛුසමිම්පිහි අගාරවෙ කතෙ සංඝෙ අගාරවො කතො හොති" යනුවෙන් දැක්වෙන පරිදි සංඝරත්නයට අයත් එක් භික්ෂුවකට වුවද අගෞරව කිරීම සංඝරත්නයටම අගෞරව කිරීමකි. භික්ෂුවකට එක් සාමණේර නමකට වුවද පහරදීම සංඝරත්නයටම පහර දීමකි. අපහාස කිරීම අලාභහානි කිරීම සංඝරත්නයටම අපහාස කිරීමකි. එනිසා එහි අකුසලය බරපතලයි. ඒ නැතත්  මේක ළමා හිංසනයක්. බෞද්ධයන් නොවන  පව් පිං ගැන තැකීමක් නැති  අයටත් පුළුවන් ඒ යටතේ  මේකට විරුද්ධ වන්න. 

සිද්ධියට අදාළ වීඩියෝව පහතින්