කොත්මලේ, පූඩළුඔය පොලිස් බළ ප්‍රදේශයේ පදිංචිව සිටි උපකාරක පන්ති ගුරුවරයකු පසුගිය අගෝස්තු මස 28 වැනි දින සිට අතුරුදන්ව ඇතැයි පුඩළුඔය පොලිසිය කියයි. එලෙස අතුරුදන්ව ඇත්තේ පූඩළුඔය, වීරසේකර පෙදෙස අංක 114 ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ සම්පත්  චතුරංග කුමාර
නමැති 28 හැවිරිදි අයෙකි.

අතුරුදන්ව සිටින උපකාරක පන්ති ගුරුවරයා පසුගිය 28 වැනි දින රාත්‍රී 7.40ට පමණ පුඩළුඔය සිට තවලන්තැත්ත මංසන්ධියට ලංගම බස්රථයකින් පැමිණ  ඇති බවට වාර්තා වී ඇති බව පොලිසිය කියයි. ඉන්පසුව එම ගුරුවරයා පිළිබඳව කිසිම තොරතුරක් මේ වන විටත් දැන ගැනීමට නොහැකි වී ඇත.

එම උපකාරක පන්ති ගුරුවරයාගේ අතුරුදන්වීම සම්බන්ධව පූඩළුඔය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරික්ෂක රන්ජන බණ්ඩාර මහතාගේ අධික්ෂණය යටතේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඔහු පිළිබඳව තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිසියට හෝ 0718591098, 0512 233222 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසට පූඩළුඔය පොලිසිය ඉල්ලීමක් කරයි.

-සුදත් ඒස්.කුමාර-