ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කිසිදු අයෙකුට නොහැකි බව ශ්‍රී ලංකා. නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණෑගල පැවති
උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

පොදු ජන පෙරමුණ සමඟ සාකච්ඡා සිදු කරමින් පක්ෂ 2 එක් මතයකට ගැනීමට සූදානමින් සිටින අතර බලහත්කාරයෙන් පක්ෂ 2 එක් කිරීමට උත්සාහ නොකළ යුතු බව ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“අපි තැනකට එන්න හදන්නේ දෙක එකතු කරලා පොදු ජනතාවට මතයක් හදන්න එපැයි.

දැන් බදින්න ලෑස්ති වෙලා කසාදෙ තීන්දු වෙලා තියෙනකොට මනමාලි ඇරන් ගිහින් දූෂණය කලොත් කසාදේ කරන්න පුළුවන්ද?

තව අපි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලලන්න හම්බෙන්නේ නෑ.”