ශ්‍රී ලංකා පරිපාලන මණ්ඩලයේ සියලුම නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (9), හෙට (10) දෙදින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇතැයි
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආගමන විගමන, මෝටර් රථ ප්‍රවාහන, පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ
දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන පෙළේ ආයතන රැසක ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිවයිනේ ප්‍රමුඛ සේවා සිථාන රැසක ද එදිනෙදා පරිපාලන කටයුතු මුළුමනින්ම ඇණහිටිනු ඇතැයි සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීරිති මහතා ඊයේ (8) පැවසිය.

පරිපාලන සේවයට අයත් අමත්‍යාංශය, දෙපාර්තමේන්න ආයතනවලට අයත් ලේකකවරුන්, කොමසාරිස්වරුන්, අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු 3000කට අසන්න නිලධාරින් පිරිසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව ද සභාපතිවරයා කීය.

අදාළ දින දෙක තුළ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන මෙම නිලධාරීහු 11 වන දින පෙරවරු 10.00ට කොළඹ 7, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට රැසවී විරෝධතාවක නියැලෙන බව ද සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරි දිනවලදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද ඔහු කීවේය.

-ජයන්ත සමරකෝන්-