https://www.gossiplankanews.com/2019/09/dematagoda-blast.html#more

 ප.ව. 12.45
දෙමටගොඩ දෙමහල් නිවසේ පහත මාලයේ ගෑස් කාන්දුවක් සිදුවෙමින් පැවතියදී ගිනි කූරක් දල්වන්නට යාමේදී ගින්නක් ඇතිවී තිබෙන බවත් පිපිරීමක් සිදුව ඇති බවත් එයින් නිවසට අලාබ සිදුවී ඇති බවත් පොලිසිය දන්වයි.වයස 64 හා 65 කාන්තාවන් දෙදෙනෙකු නිවසේ සිට ඇති අතර පිපිරීම නිසා ඔවුන් තුවාල ලබා ඇත. වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක කැඳවා ඇති අතර තුවාල ලත් අයගේ ප්‍රකාශද සටහන් කරගෙන ඇත.
පෙ.ව. 10.45
දෙමටගොඩදී සිදුව ඇති පිපිරීම නිවසක ගෑස් සිලින්ඩරයකින් සිදුව ඇති කාන්දුවකින් පසු ඇතිවූ එකක් බවට පොලිසිය 10.30 ට පමණ වාර්තා කර තිබේ.
පෙ.ව. 10.00
සුගිය අප්‍රෙල් 21දා සවස දෙමටගොඩදී මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවූ යූසුෆ් ඉබ්‍රාහීම්
ව්‍යාපාරික නිවස ආසන්නයේ මහවිල

පටුමග සමන්තවත්ත  ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.
මෙම පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය දන්වා ඇත.
මෙම පිපිරීම කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වමින් සිටී.
අද උදෑසන 8.45ට පමණ මෙම සිදුවීම වාර්තාවී ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තු වන්න.