https://www.gossiplankanews.com/2019/09/burka-nikab-ban-no-more-in-sri-lanka.html
මුස්ලිම් ජාතික ත්‍රස්තයින් මුල්වී පාස්කු ප්‍රහාර සිදු කිරීමෙන් පසු පසුගිය කාලයේ රටෙහි ඇතිවූ අනාරක්ෂිත තත්වය නිසා මුස්ලිම් නියෝජිතයින්ගෙන්ම මතුවූ යෝජනාවක් ලෙස එම කාන්තාවන්ගේ මුහුණු ආවරණ
පැළඳීම පිළිබඳ තහනමක් ක්‍රියාත්මක විය.
මුස්ලිම් කාන්තාවන් වේශයෙන් ත්‍රස්තයින්ට සැකසහිත ලෙස හැසිරීමට ඉඩ පැවතීමත් එය ආරක්සාවට තර්ජනයක් ලෙසත් ඒ දිනවල වාර්තා පළවූ අතර ලෝකයේ එවැනි තහනම් පැනවූ රටවල් ගැන උදාහරණද ප්‍රසිද්ධ කර එය සාධාරණයට ලක් කෙරිණි.

කෙසේ වෙතත් කිසියම් උපායමාර්ගයකට අනුව

මෙම තහනම හදිසි නීති රෙගුලාසි යටතේ ජනපති පැනවූ අතර හදිසි නීතිය අවසන් වූ පසු එවැනි තහනමක් නොමැතිවිය හැකි බව ගැන අවධානයක් රට වැසියාට යොමු කර තිබුනේ නැත.

හදිසි නීති රෙගුලාසි බලාත්මක නොවන බැවින් නිකාබ්-බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව මේ වනවිට පොලිස් මුලස්ථානය නිල වශයෙන් දන්වා තිබේ.

මේ පිළිබදව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් අමාත්‍ය එම්.එච්.ඒ්. හලීම් මහතා වෙත යොමු කළ ලිපිය පහතින්  දැක්වේ.