කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට සහාය දැක්වීමට අද එක්ව තිබේ.

මේ දක්වා
එජනිස පාක්ෂිකයෙකුවූ ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමන් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
කඩුවෙල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂ්කයෙකු වන තිලිණ හසරැල් මහතා ද මෙම අවස්ථාවට එක්ව තිබුණි.
බුද්ධදාස මහතා ජානිපෙ නායක විමල් වීරවංශව තදබල විවේචනයට ලක් කරන්නෙකු ලෙස මාධ්‍ය තුළ නමක් දිනා සිටින්නෙකි.
බුද්ධදාස මහතාගේ පුත් මංජුල බුද්ධදාස ශ්‍රීලනිප කොළඹ සංවිධායක ලෙස ජනපති මෛත්‍රී වෙතින් පත්වීම ලදුයේ පසුගිය සතියේය.