https://www.gossiplankanews.com/2019/09/avangarde-nissananka-and-dilrukshi.html#more
ල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි වත්මන් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මීට වසර කිහිපයකට පෙර ඇවන්ඩ් ගාඩ් හි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග පැවැත්වූ දුරකථන
සංවාදයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත්ව ඇත.

මෙම හඩ පටය පිටකරන්නේ නිශ්ශංක සේනාධිපති ඔහුම සකස් කළ වීඩියෝවකින් වන අතර ඔහු එමගින් ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ අල්ලස් කොමිසමෙන් ඇවන්ගාඩ් වෙත නඩු පැවරීම නිසා එම ව්‍යාපාරය වසා දැමීමට සිදුවීම ගැන ඇය සමාව ඇයැද සිටි බවත් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු නොපරවන බවට ඇය කළ ප්‍රකාශයක් ගැනයි.


මෙම හඩ පටය සංස්කරණයට ලක්කළ එකක් බව එයට සවන්දීමේදී හඳුනාගන්නට ලැබෙන අතර එහි වාසි කොටස් පමණක් උලුප්පා සම්පූර්ණ අදහස විකෘති කර ඇති බව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සිය ෆේස් බුක් ගිණුමෙන් මෙයට පිළිතුරු සපයමින් දන්වා ඇත.

තම ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කරමින් වික්‍රමසිංහ මහත්මිය ඔවුන් දෙදෙනාව හඳුන්වා දුන් “රජයේ ඇමති” ගේ නම හෙළි කරන ලෙසද සේනාධිපති මහතාගෙන් ඉල්ලා ඇත.
 වික්‍රමසිංහ මහත්මියගේ නිළ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.
‘නිශංක සේනපති, රජයේ නිලධාරියෙකු ලෙස මට ප්‍රසිද්ධ හෝ මාධ්‍ය ප්‍රකාශ කිරීමට අවසර නැත. එබැවින් කරුණාකර පහත සඳහන් දේට ප්‍රතිචාර දක්වන්න.
1) අන්තර්ගතය සංස්කරණය කිරීම සහ විකෘති කිරීමකින් තොරව කරුණාකර සම්පූර්ණ දුරකථන සංවාදය ප්‍රකාශයට පත් කරන්න.
2) කරුණාකර ඔබ ඇමතූ ඇමතිවරයාගේ නම සහ එම ඇමතිවරයා මට දුරකථනය ලබා දීමට හේතු මහජනතාවට හෙළි කරන්න. ”