https://www.gossiplankanews.com/2019/09/aussi-chamindu-story.html
මෙල්බර්න් වල 2011 හදමින් තිබ්බ චැනල් 9 බිල්ඩිමට ක්ලීන් කරන්න උදේම කොලු ගැටයෙක් එනවා, පොරගෙ නම චමිඳු, ලංකාවේ ඉඳල study කරන්න ආපු කොල්ලෙක් , පොර සුපුරුදු පරිදි ලැට් ටික හෝදල බින් ටික අස් කරන්න ගන්නවා.... ආබාධිතයන්ට වෙන්කරපු වැසිකිලියේ කසල බඳුන අස්කරන්න ගන්න චමිඳුට ඇස් අදහා ගන්න බැරි දෙයක්
පේනවා. කොමඩ් එක ඇතුලෙ 50..100 ඩොලර් කොල පුරවලා, හිර වෙලා... ගල් ගැහුන චමිඳු මුලින් හිතන්නෙ මේක කාගෙ හරි විහිලුවක් කියලා... ඒත් සල්ලි ඇල්ලුවම ඔක්කොම ඇත්ත සල්ලි... දැන් මොකද කරන්නෙ?? කොමඩ් එකෙන් ඇදල සල්ලි ටික ගෙදර අරන් යනවද..? මේක වාසනාවද?

 නැතිනම් ගෙදර අරං ගිහින් අහුවෙලා හිරේ යන්න වෙයිද?? මේ වගේ දාහක් දේවල් චමිඳුගෙ ඔලුවෙ වැඩ කලා...ඒත් චමිඳු තීරනයක් ගත්තා ... මේ සල්ලි මගෙ නෙවේයි...

මම මගෙ සුපර්වයිසර්ට කතා කරනවා... එහෙම කරපු චමිඳු කෝල් එකක් දීල ලොක්කට එන්න කියනවා... මේක දැකල භය වුන ලොක්කා ටක් ගාල පොලිසියට කතා කරනවා...

පොලීසිය සල්ලි තමන් භාරයට ගන්නවා... සල්ලි ගණන් කරපු පොලීසියත් අන්දුන් කුන්දුන් වෙනවා... ලංකාවේ සල්ලි වලින් එක් කෝටි විසි ලක්ශයකට වැඩිය සල්ලි (ඔසී ඩොලර් 100,000) .කවුද මේක වැසිකිලියට ගෙනත් දැම්මේ?? දවස්..සති..මාස..අවුරුදු වලට පෙරලෙනවා... චමිඳු ඔස්ට්‍රේලියාවෙන් නවසිලන්තෙට යනවා ඉගෙනගන්න.. අවු 3 කට පස්සේ 2014 චමිඳුට කෝල් එකක් එනව ඕස්ට්‍රේලියාවේ පොලීසියෙන්.. "චමිඳු ඔයාට කියන්න ආරංචියක් තියෙනවා, ඔයා හොයල දුන්න සල්ලිවලට තාම අයිති කාරයෙක් හොයාගන්න බැරිවුනා,

 අද උසාවිය එක හඬින් තීරණය කළා ඒ සල්ලිවල අයිති කාරය ඔයා කියලා. ඕස්ට්‍රේලියාවේ නීතියේ හැටියට ඒ සල්ලිවලින් ලක්ශ 23ක් ආදායම් බදු හැටියට අරගෙන ඩොලර් අසූ දාහක් නැතිනම් රුපියල් කෝටියක් චමිඳුගෙ අවංක බාවය අගය කරල වික්ටෝරියා ප්‍රාන්ත උසාවිය චමිඳුට ප්‍රධානය කරනවා.... ඒ විතරක් නෙවේ ඕස්ට්‍රේලියාවේ Permanent Residency එකත් චමිඳුට ප්‍රධානය කරනවා.... අද චමිඳු පරිගණක ඉංජිනේරුවෙක් විදිහට මෙල්බර්න් නගරයේ වාසය කරනවා.... තමන්ගෙ අවංකභාවය නිසා
චමිඳු අද සතුටින් ජීවත්වෙනවා.

ඒ වගේම ඕස්ට්‍රේලියාවේ නොවිසඳුනු අපරාද එහෙම නැතිනම් X- files අතරට මේ කතාවත් ඇතුලත්. පොලීසිය සැක කරන්නෙ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගේ කලු සල්ලි තමා මෙහෙම හම්බවුනේ කියලා...
ElaKiri @ yosh371
සටහන - ධම්මික සමරතුංග