කලක සිට පවතින සිය වැටුප් විෂමතාවන්ට විසඳුම් නොලැබීම මූලික කරගෙන ශ්‍රේණි කිහිපයක දුම්රිය සේවකයන් අද (20දා) මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
 ඒ සඳහා
අනතුරු ඇඟවීමක් ලෙස දුම්රිය රියැදුරන් ඊයේ (19දා)රාත‍්‍රී සිට අකුරට වැඩකිරීමේ කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කළ බව දුම්රිය රියැදුරු වෘත්තීය සමිති සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

 ඒ අනුව දුම්රිය රියැදුරු පාලක, නියාමක ස්ථානාධිපති අධීක්‍ෂණ කළමනාකාර යන ශ්‍රේණින්හි දුම්රිය සේවකයන් අද දින සිට අඛණ්ඩ වැඩවර්ජනයේ යෙදෙන බවද හෙතෙම සඳහන් කළේය.

 වැටුප් පරිමාණ ඉහළ නැංවීමට කටයුතු නොකිරීම, රියැදුරු සහයක බඳවා ගැනීමේදී අනුගමනය කරනු ලබන ක‍්‍රමවේදය සම්බන්ධව සිය විරෝධය ප‍්‍රකාශ කරමින් අදාළ ශ්‍රේණින්හි දුම්රිය සේවකයෝ වසර කිහිපයක සිට විටින් විට වැඩවර්ජනය කළහ.

අකිත පෙරේරා