https://www.gossiplankanews.com/2019/09/6-10-colombo-school-abuse-incident.html
කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාව සදහා රැදී සිටි අවුරුදු හයහමාරක බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවර කිරීම් හා ඒ සඳහා ආධාර දීමේ චෝදනාවට වරදකරු වු එම පාසලම රගර් කණ්ඩායමේ සාමාජිකයන්වූ රගර් ක්‍රීඩකයින් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු
විකුම් කළුආරච්චි මහතා වසර 10 බැගින් බරපතළ වැඩ

සහිත සිර දඬුවම් ඊයේ (19) නියම කළේය.

මිට වසර 05ක කාලයකට පෙරදි පාසලේදි පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී මෙලස දඬුවම් නියම වූ විත්තිකරුවන්ට අතවරයට ලක් වු දරුවාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට නියම කළේය. 2014 වසරේ නොවැම්බර් මාසයේ දිනයක කොළඹදී පළමු විත්තිකරු බාලවයස්කාර දරුවාට ලංගික අතවරය කොට ඇති බවත් දෙවැනි විත්තිකරු ඒ සඳහා ඔහුට අනුබල දී ඇති බවටත්  නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.

දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි සියලු චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පුකොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම නියම කළේය. මිට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000/-බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් මාස 43 බැගින් අමතර දඬුවම් නියම කළේය.

-මනෝප්‍රිය ගුණසේකර-