https://www.gossiplankanews.com/2019/09/08-cabinet-ministers-without-wealth-reports.html#more
ත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමතිවරුන් 08 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.2019 අගෝස්තු 20 වැනිදා වනවිට අදාළ කැබිනට් ඇමතිවරුන් 08 දෙනෙකු 2018/19 වර්ෂයට අදාළ සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ බවට
දැක්වෙන තොරතුරු දැනගැනීමේ  ඉල්ලුම් පතෙහි කරුණු උපුටා දක්වමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඊයේ (10දා) සිය පැමිණිල්ල ඉදිරීපත් කළේය. වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතියෙහි 4(a)(11) කොටසට අනුකුලව සියලු කැබිනට් අමාත්‍යවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම්

ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතු වේ.

කෙසේ වුවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනෙල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 අගෝස්තු 28 වැනිදා ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් 2019 අගෝස්තු 28 වැනිදා ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් 2019 අගෝස්තු 20 වැනිදා වන විටත්  කැබිනට් අමාත්‍යවරුන් 08 දෙනෙකු තම වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති  ලේකම් කාර්යාලය දැනුම් දී තිබිණි.

නවීන් දිසානායක, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ. හලීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරු මෙ‍ලෙස සිය වත්කම් ප්‍රකාශන ඉදිරීපත් කර නොමැති අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙති.ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කර සිටියේ, වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීමේ වරදට රුපියල් 1,000 නොඉක්මවන දඩයක් සහ/හෝ වසරක සිරදඬුවමකට ලක්කිරීමේ හැකියාව පවතිත බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ට්‍රාන්සිපේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකාර මහතා ප්‍රකාශ කර සිටියේ,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නීතිමය අවශ්‍යතාවයන්ගෙන්ද ඔබ්බට ගොස් සිය වත්කම් මහජන දැනගැනීම පිණිස ඉදිරිපත් කර තිබෙන අතර, තම වගකීමක් බැහැරව කටයුතු කරන පිරිස කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවයි.

 ට්‍රාන්සිපේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, තම වත්කම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් නොවන රජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුතන් සහ පාර්ලිමේන්තු නියෝජියන් හඳුනාගැනීම පිණිස මේ හා සමානවම තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ කථානායක කාර්යාලයෙන් ඉල්ලුම් කර ඇති බවත්,

 එම තොරතුරු ලද වහාම සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔබේස්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. වත්කම් හා බැරකම් ප්‍රකාශන නීතිය යට‍තේ ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇති එකම ආයතනය ලෙස, එහි බලතල උපයෝගී කරගනිමින් මෙම පැමිණිලි වීමර්ශනය වන බවට තහවුරු කරන ලෙසත්, සුදුසු පරිදි නඩු පැවරීමට කටයුතු කරන ලෙසත්,ට්‍රාන්සිපේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.