පාස්කු ඉරිදා ත්‍රස්ත ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ප්‍රදානය කරන බව ලෝක මුස්ලිම්
සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා ඉකුත්දා (30) ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සංවිධානය කළ සාමය,  සමගිය සහ සහජීවනය සඳහා වූ ඡාතික සමුළුව  අමතමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ  ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළම නෙළුම් පොකුණ රඟහලේදී ඉකුත්ද පැවැත්විණි.

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා සහභාගී වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුවය.
මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරක්තය, අනෙකුත් ආගමික  නායකයන්, හිටපු ඡනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමැතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-හර්ෂණ තුෂාර සිල්වා-