කෑගල්ල දමුණුපොළ ප්‍රදේශයේ මහ විදුහලක 10 වැනි වසරෙහි ඉගෙනුම ලබන පාසල් සිසුවකු ශරිරයට භූමිතෙල් වක්රගෙන ගිනි තබාගෙන මියගිය පුවතක් කෑගල්ල පොලිසියෙන් වාර්තා වේ. මෙසේ මියගොස්
ඇත්තේ දමුණුපොළ වරාකොටුව

පදිංචි පහළොස් හැවිරිදි සිසුවෙකි. 1 වැනි දින පාසල් නිවාඩු දෙන අවස්ථාවේ 10-11-12 වසරවල සිසුන් විදුහලේදි මත්පැන් සාදයක් පවත්වා ඇත. මෙම සාදය පිළිබඳව දැනගත් විදුහල්පති ළමයින් කාර්යාලයට කැඳවා නවතා තබාගෙන පසුව ඔවුන්ගේ මවුපියන් විදුහලට කැඳවා අවවාද කර ළමයින් මවුපියන්ට භාරදීමෙන් අනතුරුව මවුපියන් සමඟ පාසල් සිසුන් නිවෙස කරා ගොස් ඇත.

මියගිය සිසුවාට ඔහුගේ නිවෙසේදි මවුපියන් අවවාද කර ඇත. මෙයින් සිත්තැවුලට පත් ඔහු නිවෙසේ තිබූ භූමිතෙල් බෝතලය ගෙන ශරීරයට හලා ගෙන ගිනි තබාගෙන ඇත. නිවෙස් හිමියන් ගින්න නිවා දමා ඔහු කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රතිකාර කරමින් සිටින අතරතුර පසුගියදා (2දා) උදෑසන මියගිය බව කෑගල්ල පොලිසිය පවසයි.ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත අතර කෑගල්ල පොලිසිය මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

-බණ්ඩාර මද්දුමගේ-