මහජනයා සඳහා කාලගුණ අනාවැකිය
2019 අගෝස්තු මස 14 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.


දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩි වීම අද දිනයේදී ද තව දුරටත් පවතියි.

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව,උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යමපළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 60දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතී.



බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන්අපේක්ෂා කල හැක.

සවස 2.00 න් පමණ පසුව මුලතිවු, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවියහැක.  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
---------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2019 අගෝස්තු මස 14 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.


පුත්තලම සිට ගාල්ල හරහාහම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

පොතුවිල්සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමට සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට ඉහල හැකියාවක් පවතී.

මෙම මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
                                                                                                                                                             
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදවඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.