මෙරට ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන්තොටුපොළ අවට ඉහළ අහසේ කිලෝමීටර් 5 ඇතුළත සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව කටුනායක ගුවන්තොටුපොළ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පැවසුවේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළ මෙන්ම රත්මලාන, පලාලි, සීගිරිය, කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන්තොටුපොළවලට ද මෙය වලංගු වන බව ය.

මෙම ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානාවල අවර පෙතිවල, ජෙට් ඇන්ජින්වල සහ අනෙකුත් විවිධ කොටස්වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානාවලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.