https://www.gossiplankanews.com/2019/08/tution-sir-gold-robber-nabbed.html
ඩම් නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් නිවෙස් වලට ගොස් උපායශීලී ලෙස නිවැසියන්ගේ කනකර ඔවුන් ලවාම ගලවාගෙන සොරකම් කිරීමේ අමුතු ජාවාරමක නිරතවූ ටියුෂන් ගුරුවරයෙකු යයි කියන පුද්ගලයෙකු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා කටකාරයෙකු වූ අතර ඉතා පහසුවෙන් අන්අය නම්මවාගැනීමේ කතා කීමෙහි සමතෙකු විය. ඔහු ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ මධ්‍යම පාන්තික නිවාස ඉලක්ක කර
මේ ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබේ.
ඔහු නිවාඩු දින තෝරාගෙන නිවෙස්වලට යන අතර සුදු අත්දිග කමිසයක් හා කළු කලිසමකින් සැරසී  ටයි පටියක්ද පැළඳ ආකර්ෂණීය ලෙස රජයේ ව්‍යාපෘතියක් භාර නිලධාරියෙකු වේශයෙන් පෙනී සිට ඇත. ඔහු අතේ රජයෙ මුද්‍රා සහිත ලියවිලිද තිබී ඇත.

මෙම පුද්ගලයා නිවෙස් වලට ගොස් එහි ගෙහිමියා සමග කතා කරන්නට ඕනෑ බව දන්වා ගෙහිමියා නම්මවා ගන්නා අපූරු කතාබහක් සිදු කරන්නේය. එහිදී ඔහු පවසන්නේ තමා රජයේ ඉඩම් නිලධාරියෙකු බවත් නිවාඩු දින තෝරාගෙන නිවෙස්වලට පැමිණ මෙම දැනුවත්කිරීම

සිදු කරන බවත්ය. චීන සංවිධානයක් මගින් ආදායම් අඩු පවුල් වලට නිවාස හා ඉඩම් ලබා දෙන ව්‍යාපෘතියක් සඳහා පිරිස් එකතුකරගැනීමට තමාට භාර රාජකාරිය බවයි.
මේ සඳහා අදාළ ප්‍රදේශයේ තෝරාගත් පවුල් වලට පමණක් අවස්ථාව සැලසෙන බවත් ඒ සඳහා අයදුම් කිරීමට කැමති නම් විස්තර ලබාදෙන ලෙසත්ය.

එම කතාබහට රැවටී අයදුම්පතට අදාළ විස්තර ගෙහිමියාගෙන් අසාගනිමින් මෙම පුද්ගලයා නිවසේ සිටම අයදුම්පත පුරවන්නේය. ඒ සමගම ඔහු පවසන්නේ මෙම නිවසේ විස්තර සඳහා සාක්ෂි වශයෙන් ඡායාරූප කිහිපයක් ලබාගැනීමට අවශ්‍ය බවකි. ඒ සඳහා නිවසේ ඇතුළත හා නිවැසියන්ගේ ඡායාරූප තමාට අවශ්‍ය බවද ඔහු පවසයි.

එයට ගෙහිමියාගේ අනුමැතිය ලද පසු පවුලේ ඡායාරූපය ගන්නට සූදානම් වෙද්දී ඔහු පවසන්නේ 'ඔයාලාගෙ රත්තරන් බඩු දැක්කොත් මේ අධාර ලැබෙන්නෙ නෑ. අමාරුවෙන් ජීවත්වෙන බව පෙන්වන්නයි ඕනෑ .. ඒනිසා ඔය රත්තරන් බඩු ගලවල මෙතැන පැත්තකින් තියන්න' ලෙසිනි. එම කීමට අවනතව නිවැසියන් රත්තරන් බඩු ගලවා පැත්තකින් තියා තවදුරටත් කතාබහේ නිරතව සිටියදී මෙම පුද්ගලයා ගෙහිමියාගෙන් වතුර වීදුරුවක් හෝ වෙන යමක් ඉල්ලා ඔහුගේ අවධානය වෙනස් කිරීමට උපායශීලී වන අතර එ සැණින් පැත්තක තිබූ රත්තරන් බඩු රැගෙන නිවසින් පළායාම සිදු කර තිබේ.

තමා මේවෙනතුරු කතාකරමින් සිටියේ රැවටිලිකාරයෙකුට බව නිවැසියන් දැනගන්නා විට ප්‍රමාද වැඩිය.
ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් සයිකලයකින් වේගයෙන් ඉගිල යන ඔහු ගැන ඉන්පසු කිසිදු තොරතුරක් නැත.


මේ ආකාර සිද්ධි රාශියක් පසුගිය කාලයේ ගම්පහ හා දිවුලපිටිය ස්ථාන ගණනාවකදී වාර්තාවී තිබේ.
පොලීසියට ලද පැමිණිළි මත අරක්ෂක කැමරා පද්ධති උපයෝගී කරගනිමින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුව සොයාගත් කරණු ඔස්සේ ඉදුරාගාර චාර්ලිස් මාවත ප‍්‍රදේශයේදී මෙම පුද්ගලයා පොලීස් අත්අඩංගුවට පත්වීය.

මෙම සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ඉංග‍්‍රීසි උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස පන්ති පවත්වන්නෙකු බවත් කටුනායක කුරණ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් කටුවාපිටිය ප‍්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි බවත් වාර්තා විය.

අත්අඩංගුවට පත් ඔහු තමා කළ වරද පිළිගත් අතර  තම රෝගීව සිටින මව ජීවත් කරවීම සදහා නිවෙස් වලට ඇතුලූ වී නිවසියන් රවටා ඔවුන් සතු සවර්ණාභරණ සොරාගන්නා ජාවාරම සිදු කළ බවත් පාපොච්චාරණය කර ඇත.
මොහු සන්තකයේ තිබූ බැංකුවලට උකස් තබන ලද රන් භාණ්ඩ වල රිසිට් පත් සහ හැදුනුම් පත් තොගයක්ද මොහු භාවිතාකල බවට සැකකෙරෙන යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.
උකස් කරන ලද රන් භාණ්ඩ පිළිබඳ වාර්ථාවක් ලබාගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගත යුතු බව පොලීසිය දන්වා ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.