ලංකා සිතියමේ ගම් ප්‍රදේශ, ගංගා ඇතුළු ස්ථාන ලක්ෂ පහක නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නියමිත අනන්‍යතාවට අනුව ව්‍යවහාර කරන්නේ කෙසේද යන්න සම්බන්ධව ගැසට් පත්‍රයකින් සහ වෙබ් අඩවියක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැනුම්පති එස්.එම්.පී.ටී. සංගක්කාර පැවසීය.
දැනට ව්‍යවහාර කරන නම්
ඇතිවන්නේ කෙසේද යන්න සම්බන්ධව ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බවත් කියයි.

මෙම ලක්ෂ පහට ගම්, ගංගා, හන්දි, ඇළ, දොළ ආදියද ඇතුළත්ය.

මෙම කටයුත්ත සඳහා භූ නාම නියාමන කමිටුවක් පත්කර ඇති බවත්, මහාචාර්ය ජේ.බී. දිසානායක ඇතුළු විද්වතුන් රැසක් එම කමිටුවේ සාමාජිකත්වය දරන බවද මැනුම්පතිවරයා කීවේය.

මෙම කමිටුවට තැපැල් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන අංශවල නිලධාරීන් භූ නාම නියාමන කමිටුවේ සාමාජිකත්වය දරන බවද මැනුම්පතිවරයා පැවසීය.

මෙහිදී මුලින්ම කමිටු සාමාජිකයින් ගම්වලට ගොස් දැනට ව්‍යවහාර වන නම් ලබාගත් බවත්, එම නම් භූ නාම නියාමන කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු භාවිතයට සුදුසුම නම කුමක්ද යන්න තීරණය කෙරෙහි භූ නියාමන කමිටුව විසින් අවසන් තීරණයට එළැඹි ගම්මානවල නම් සිතියම්වලටත් ඉදිරියේදී යෙදීමට නියමිතව ඇත.

මෙහිදී ගම්වලට අලුතින් නම් යෙදීමක් සිදු නොවන බවද අවධාරණය කරයි.

සාලිය කුමාර ගුණසේකර