https://www.gossiplankanews.com/2019/08/tikiri-story-world-impact.html
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ ටිකිරි නමැති ඇතින්න හිංසාකාරී ලෙස නුවර පෙරහැරේ රැගෙනයාමට උත්සාහ කිරීමේ සිද්ධිය මේ වනවිට ලෝක ජනමාධ්‍ය තුළ
සිරස්තල මැවීමට සමත්වූ පුවතක් බවට පත්ව තිබේ. මේ ගැන පළවී තිබෙන වාර්තා වැඩි පුර සඳහන් කර ඇත්තේ මෙය හෙළා දකින ආකාරයේ මතයකි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් මේ ගැන කියා

සිටියේ ටිකිරිගේ භාරයක් ඔප්පු කිරීමට එක් වරක් පමණක් පෙරහැරේ ගෙනගිය බවත් ඌ නිරෝගී නමුත් ආහාර අවශෝෂණ ප්‍රශ්නයක් නිසා මේ ආකාරයට වැහැරී සිටි කතාවකි.

නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමාජ මාධ්‍ය තුළ පතලවූ හිංසන කාරණාවයි.

මෙයට හේතුවී ඇත්තේ මෙම පුවත තායිලන්තය මූලික කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන Save Elephant Foundation නමැති ජාත්‍යන්තර පිළිගත් සංවිධානය මගින් සත්ව හිංසනයක් ලෙස හුවා දක්වා තිබීමයි.