දඹුල්ල සහ සීගිරිය ඇතුළු ඓතිහාසික  ස්ථාන නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන් පිරිසකට නීතිවිරෝධීව මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ බව කියන විදේශිකයකු සීගිරිය ප්‍රදේශයේ දී  පෙරේදා (13) සංචාරක
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.එම විදේශීය ජාතිකයා දඹුල්ල හා සීගිරිය ඇතුළු ඓතිහාසික ස්ථාන පිළිබඳව සංචාරකයන්ට වැරැදි තොරතුරු ප්‍රකෘශ කරමින් මඟ පෙනීවීමේ කටයුතු සිදුකර ඇති බව ද පැවසේ.

එම විදේශිකයා සහ මෙරට සංචාරක නියෝජිත ආයතවයක් අතර සබඳතාවක් පවතින අතර
යම් ආකාරයකට මෙරටට සංස්කෘතිය පිළිබඳව වැරැදි තොරතුරු ප්‍රචාරය කිරිමේ සැලසුමක් දැයි සැකකරන බව ද ජාතික මාර්ගෝපදේශක ආයතනය සඳහන් කරයි. මේ අතර මෙරට ලියාපදිංචි හා නිත්‍යානුකුල මාර්ගෝපදේශකවරුන් සිටියදි විදේශිකයන්ට එවැනි මගපෙන්වීම කළ නොහැකි බව ද සංචාරක ප්‍රවර්ධන
අධිකාරිය පවසයි.

එම විදේශිකයාට එරෙහි නිතිමය පියවර ගැනීමට නියමිත බව ද සංචාරක පොලිසිය කියයි. මෙවැනි වරදකට නීතියට අනුව රුපියල් ලක්ෂ 10ක දඩයක් හෝ වසර දෙකක සිරදඬුවමක් හෝ ලබාදීමට හැකියාව තිබෙන බව ද සංචාරක පොලිසිය පවසයි.

-රංජන් කස්තුරි-