https://www.gossiplankanews.com/2019/08/the-first-crime-committed-in-space.html#more
මරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත ලෝකයේ පළමු අභ්‍යවකාශ අපරාධය ගැන වාර්තා කර තිබේ. නාසා ආයතනය මගින් පරීක්ෂණයක් අරඹා ඇති මෙම අපරාධය සිදු කර ඇත්තේ ඈන් මැක්කේන් නමැති අභ්‍යවකාශගාමිනිය විසිනි. ඇය සමලිංගික විවාහයක් සිදු කරගෙන
සිටි හිටපු ගුවන් බුද්ධි නිලධාරිනියක වන සමර් වොර්ඩන්ගේ අන්තර්ජාල බැංකු ගිණුමට අභ්‍යවකාශයේ සිටියදී අනවසරයෙන් ඇතුළුවීම මෙම අපරාධයයි.

මේ වනවිට දෙදෙනා දික්කසාදය සඳහා ලිපි ගනුදෙනු කර

තිබෙන පසුබිමක ඇයගේ අවසරය නැතිව බැංකු ගිණුමට ඇතුළුවීම වරදක් ලෙස පැමිණිලි කර ඇත. කෙසේ වෙතත් ඈන් මැක්කේන් පවසා ඇත්තේ තමා වංචාවක් සිදුකිරීමේ චේතනාවෙන් නොව කිසියම් ගනුදෙනුවක් නැවත පරීක්ෂා කිරීමට එය කළ බවත් එයට සමාව ඉල්ලා සිටින බවත්ය.

2017 වසරේදී මාස 8 ක සමලිංගික විවාහයක් ගත කළ මෙම දෙදෙන ඇතිවූ ආරවුලක් මත පහරදීම් සිදු කර ඒ සම්බන්ධ නීතිමය කටයුතුවලටද යොමුවීමෙන් පසු දික්කසාද වීමට කටයුතු කර තිබුණි. සමර් වොර්ඩන් මීට පෙර සිදු කරගෙන තිබූ විවාහයේ පුතුද ඔවුන් සමග ඒ කාලයේ එකට කල් ගත කළ බව පැවසේ.

නාසා ආයතනය මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති අතර අභ්‍යවකාශ අපරාධයක් ගැන මෙන්ම අභ්‍යවකාශගාමීන්ගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ කාරණා ගැන ඔවුන් මේ ආකාරයට පරීක්ෂණයක් පවත්වන්නේ පළමු වරටය.

අපරාධය සිදු කළ බව පැවසෙන ඈන් මැක්කේන් නාසාහි අතිදක්ෂ අභ්‍යවකාශ ගාමිනියක වන අතර නාසා මගින් ඉදිරියේ සැලසුම් කර ඇති සඳමත ගමන් කිරීමටද අයදුම් කර ඊට වාසනාව ලැබෙන පළමු කාන්තාව සඳහා වන කෙටි ලැයිස්තුවට මෑතකදී තෝරාගෙන තිබෙන අයෙකි.