එංගලන්තයේ වූස්ටන්හිදී 6 වන වරට සංවිධාන කර තිබූ පන්දුවාර 20යි 20 පොලිස් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී

 බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ.

 රටවල් 16කින් කණ්ඩායම් එක්ව සිටි මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාය.
මෙම තරගාවලියට මින් පෙර ශ්‍රී ලංකාව එක්ව නොතිබූ අතර සහභාගී වූ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.