https://www.gossiplankanews.com/2019/08/shirani-bandaranaike-for-presidency.html
නපතිවරණ අපේක්ෂිකාවක ලෙස හිටපු අගවිනිසුරුවරියක වන ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් වනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඇයව කරළියට ගෙන එනු ලබන්නේ පසුගියදා එකමුතුවූ දේශපාලන බලවේග එකමුතුවකි. ශිරානිගේ නම වෙනුවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ නම එම කණ්ඩායම යෝජනා කර තිබී අවසාන මොහොතේ
එය වෙනස්වූ බව කියැවිණි. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පසුගිය සතියේ බදාදා දින තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පවා ලබාදී ඇති අතර පසු දින 5 කින් සඳුදා (19දා) එම ලිපිය හදිසියේම ඉවත් කරගෙන තිබේ.

ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ

ඉදිරිපත්වන්නේ නම් ඔහුගේ ඡන්ද ගොඩට බලපෑම් කිරීමේ අදහසින් ශිරානි කරළියට ගෙන ආ බව අභ්‍යන්තර ආරංචි වාර්තා කර තිබේ.
------------------------
මේ වනවිට එජාපය සජිත් හෝ වෙනත් අයෙකු  නම් නොකරන්නේ නම් තමන් සන්ධානගතවීමට සූදානම් නැති බව මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ පක්ෂ දන්වා ඇති පසුබිමක එජාපය සිය අපේක්ෂකයා තෝරාගැනීම පමාව සමග ඔවුන් තනන්නට යන සංධානයද කල්යමින් පවතී. මෙම කොන්දේසි පාර්ශ්වයට දෙමළ ජාතික සන්ධානයද හවුල් කරගැනීමට සජිත් පාර්ශ්වය කටයුතු කර තිබේ.

සජිත් දෙමළ සන්ධානයහමුව ඇත්තේ මංගල සමරවීරගේ ගෙදරදීය.
ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සහ ඇමැති සජිත් ප්‍රේමදාස අතර මෙම විශේෂ සාකච්ඡාව පෙරේදා (21දා) රාත්‍රී ඇමැති මංගල සමරවීරගේ නිවසේදී පවත්වා තිබේ.
එහිදී දෙමළ ඡන්ද තමාට ලබාගැනීමට ඇති හැකියාව ගැන කතා කර ඇත. සහය ලබාගැනීමට අවශ්‍ය නම් දෙමළ ජාතිකයින් මුහුණපාන ගැටලු කිහිපයක් හා ඔවුනට සාධාරණත්වය ඉටු කිරීම ගැන සම්පන්දන් කොන්දේසි පනවා ඇති බවද දැනගන්නට ඇත.


-----------------
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක පෙරේදා (21දා) රාත්‍රි පැවැති භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද සහභාගිවීම විශේෂත්වයක් විය.
විපක්ෂ නායක මහින්ද මෙම භෝජන සංග්‍රහය සඳහා මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්තාපා, රන්ජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න. අන්ගජන් රාමනාදන්, ශ්‍රීයානි විජේවික්‍රම, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, දුෂ්මන්ත මිත්‍රපාල යන අය මෙම ​භෝජන සංග්‍රහයට සහභාගි වී තිබේ.

මෙම භෝජන සංග්‍රහයට සහභාගි වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතද ආරාධනා කර තිබුණත් අවමංගල්‍යයකට සහභාගි වීමට ඇති බව ප්‍රකාශ කරමින් ඊට සහභාගි වූයේ නැත. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙම භෝජන සංග්‍රහයට සහභාගි වී ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතය. භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුණත්, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, කුමාර වෙල්ගම, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වූයේ නැත.