පසුගියදා කුරණෑගල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මියයාමෙන් පසු එම ආසනය හිස්වූ අතර එජනිස ලැයිස්තුවේ ඊළඟට සිටියේ මෛත්‍රිපාල හිතවාදී ශාන්ත බණ්ඩාර මහතාය. ඔහු දැනටමත් ජාතික
ලැයිස්තුව හරහා මන්ත්‍රීධූරයක් ලබා සිටි නිසා සන්ධානයේ ඊළඟට සිටි මහින්ද හිතවාදී ඩීබී හේරත්ට
මෙම හිස්වූ මන්ත්‍රී ධූරය ලැබෙන බවට මාධ්‍ය වාර්තා පළව තිබුණි.
නමුත් අද (7) දවල්  ශාන්ත බණ්ඩාර මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ඇත. ඒ අනුව ඔහු හේරත්ට ලැබෙන්නට තිබූ ආසනයට නිතරගයෙන් තේරෙනු ඇත. කෙසේ වෙතත් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිස්ය. එම හිස්තැන පිරවීමට දැන් අවස්ථාව ඇත්තේ ජනපති මෛත්‍රිපාලටය. මෙම පුටු පලහිලව්ව නිසා මහින්ද පාර්ශ්වයේ අවස්ථාව අවහිර කිරීමට මෛත්‍රී පාර්ශ්වය කටයුතු කර ඇති බව පැහැදිලිව හඳුනාගන්නට ලැබේ.
මෙම සියල්ල සිදුවන්නේ ශ්‍රීලනිප - ශ්‍රීපොජපෙ එක්වීමක් ගැන සාකච්ඡා පැවැත්වෙන අතරේ වීමද විශේෂිතය.